කෘෂිකර්ම තාක්ෂණය  

 

 


 
 
   
  
  
  
එළවළු | වී වගාව | රළු ධාන්‍ය බෝග | කුළු බ‍ඩු බෝග | මාශ බෝග | තෙල් බෝග | අල‍ ‍බෝග | පළතුරු | මල් හා විසිතුරු පැළ | බිම්මල් වගාව | ශාක පෝෂණය | ගෙවතු වගාව |
   
           | | කිරි අල | ඉන්නල | | | මඤ්ඤොක්කා | | බතල | | අර්තාපල් |

මඤ්ඤොක්කා

(Manihoat esculenta)

හැදින්වීම

අඩු අවදානයක් යොදා අවම යෙදවුම් මත ඒකක භුම් ප්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක් දෙන ප්‍රධානතම අල බෝගය මඤ්ඤොක්කාය. මෙය නියගයට ඔරොත්තු දෙන කාෂ්ටක බෝගයක් වන අතර නිසරු භුමි වලටද එය හොදින් ගැලපේ. මඤ්ඤොක්කා අල ප්‍රධාන වශයෙන් ශක්තිය ලබාදෙන ආහාරයක් වන අතර එහි පත්‍ර වැඩි ප්‍රෝටීන් හා ඛණිජලවන (කැල්සියම් හා යකඩ) අඩංගු පලා වර්ගකි.

පෝෂණ වටිනාකම

සංඝටකයඅලවලපත්‍රවල
තෙතමනය %

62.8

74.8

ශකිතිය (Kg / 100g)

580

-

ප්‍රෝටීන් %

0.53

5.1

පිෂ්ටය %

31.0

-

සීනි %

0.83

-

තන්තු %

1.40

-

අළු %

0.84

2.7

ඛණිජ වර්ග (mg /100)

සංඝටකයඅලවලපත්‍රවල
කැල්සියම්
20
350
පොස්පරස්
46
56
මැග්නීසියම්
30
-
පොටෑසියම්
302
-
සල්ෆ්
6.4
-
යකඩ
0.23
218

විටමින් වර්ග (mg /100g)

සංඝටකය
පත්‍රවල
පත්‍රවල
විටම්න් A
-
3
තයමින්
0.05
0.2
රයිබෝජලෙවින්
0.04
0.3
නියුක්ලෝනික් අම්ලය
0.6
1.5
ව්ටමින්
15.0
200

ප්‍රභේද

අවම විෂ සහිත අලයේ වැඩි වියලි ද්‍රව්‍ය හා පිෂ්ඨ ප්‍රමාණයක් අඩංගු, වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි වැඩිදියුණු කල ප්‍රභේද 06 නිර්දේශ කර ඇත.

ප්‍රභේදය ලක්ෂණ

එම්.යු 51

 

  • වයස (මාස) 8 - 10
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 50 ට අඩු

වෙනත් කරුණු

  • මධ්‍යස්ථ ලෙස අතු බෙදේ.
  • පොත්ත ඇතුලත දම් රෝස පාටය.
  • අලයේ මදය සුදු පාටය.
  • දිගු ගෙලක් ඇත.

 

 

සී.ඒ.ආර්.අයි. 555

  • වයස (මාස) 8 - 10
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 28 - 30

වෙනත් කරුණු

  • මධ්‍යස්ථ ලෙස අතු බෙදේ.
  • පොත්ත ඇතුලත ලා රෝස පාටය (Pink & Whaite)
  • සුවදවත්ය.
  • මදය සුදු පාටය.

 

 

කිරිකවඩි

  • වයස (මාස) 6 - 12
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 18 - 22

වෙනත් කරුණු

 

  • අතු බෙදෙන වර්ගයකි.
  • වයස අනුව අස්වැන්න වෙනස්වේ.
  • පොත්ත ඇතුලත කිලිටි සුදු පාටකි.
  • මදය සුදු පාටයි.

සුරනිමල (BW 01)

  • වයස (මාස) 8 - 12
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN)  ප්‍රමාණය (මි.ග්‍රෑ.) 38- 40 PPM

වෙනත් කරුණු

 

  • අග්‍රස්ථය අතු බෙදීම සිදු වේ.
  • දුඹුරු පොත්තකින් හා සුදු පාට මදයකින් යුක්තය.

 

 

ස්වර්ණ (BW 02)

  • වයස (මාස) 8 - 12
  • අඩංගු සයනයිඩ් ප්‍රමාණය 20 - 25 PPM

වෙනත් කරුණු

 

  • කද රිදීමය අළු පැහැතිය.
  • මදය කහ පාට වන අතර පිටත පොත්ත දුඹුරු පාටවේ.

ශානි (BW 14)

  • වයස (මාස) 8 - 12
  • අඩංගු සයනයිඩ් ප්‍රමාණය 43 - 45 PPM

වෙනත් කරුණු

  • කද දුඹුරු පාට වන අතර කල්ගත වූ විට අතු බෙදීම සිදුවේ.
  • මදය සුදු පාටය.

වගාවට සුදුසු ප්‍රදේශ

උස් වු ශීත දේශගුණික තත්ත්ව සහිත ප්‍රදේශ වල හැර මුහුදු මට්ටමේ සිට මීටර් 1200 දක්වා සෑම ප්‍රදේශයකම වගාකල හැක. වියලි කලාපයේ වාර්ෂික බෝගයක් ලෙසද තෙත් කලාපයේ කන්න බෝගයක් ලෙසද වගා කෙරේ.

 රෝපණ ද්‍රව්‍ය

සිටුවීම සදහා 20 - 25 Cm දිග වර්ධක අංකුර 4 - 6 පමණ අඩංගු මේරූ අලුත් දඩු කැබලි යොදා ගන්න. මධ්‍යස්ථ ලෙස අතු බෙදෙන වර්ග සදහා හෙක්ටයාරයකට දඩු කැබලි 12,500 පමණද අතු බෙදෙන වර්ග සදහා 10,000 පමණ අවශ්‍ය වේ.

පරතරය

අතු බෙදෙන වර්ග

100Cm x 100Cm

මධ්‍යස්ථ ලෙස අතු බෙදෙන වර්ග

90Cm x 90Cm

සිටුවීම

සකස් කරගත් ඉඩමෙහි දඩු කැබලි වලින් අංකුර 2-3 පමණ පස මට්ටමින් ඉහලට සිටින සේ සිටුවන්න. එක් ස්ථානයක එක් දඩු කැබැල්ල බැගින් අංකුර ඉහලට සිටින සේ සෘජුව සිටුවිය හැක.

රසායනික පොහොර නිර්දේශය

සෑම පළාතකටම

ආකාරය යොදන වේලාව

වර්ගය

ප්‍රමාණය

හුණු යෙදීම

සිටුවීමට සති 02 පෙර අළුහුණු / ඩොලමයිට් 1 - 2 ටොන් / හෙක්
කබනික පොහොර යෙදීම සිටුවීමට දින 3-5 පෙර

කුකුල් පොහොර / ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර

10 ටොන් / හෙක්
රසායනික පොහොර  

වර්ගය/ප්‍රමාණය කි.ග්‍රෑ/ හෙක්.

පෝෂණ ප්‍රමාණය

කි.ග්‍රෑ / හෙක්

  
Urea
TSP
MOP
N
P2 O 5
K2 O
 සිටුවීමට පෙර
-
120
-
-
55
-
 සිටුවා සති 02
85
-
125
40
-
75
 සිටුවා සති 10 - 12
85
-
60
40
-
35
සිටුවා සති 16 - 18
85
-
60
40
-
35
Total
 
255
120
245
120
55
145
  • හුණු යෙදී යුත්තේ PH < 5 පමණක් නම්
  • කුකුල් පොහොර යොදන විට TSP හා MOP 25% අඩුකරගත හැක.
  • ගසෙහි පාපදස්ථයේ සිට 20-25 Cm දුරින් ගස වටා පස මතුපිට පොහොර යොදා අවට පස් ගස මුලට කරන්න.

වල් පැලෑටි පාලනය

මුල් මාස 3-4 කාලය දක්වා වගාවේ වර්ධනය දුර්වලය. පොහොර යෙදීම හා වල් පැලෑටි පාලනය එකවර සිදු කිරීම වඩා ප්‍රායෝගිකය.

අස්වනු නෙලීම

අල මේරීම ප්‍රභේද අනුව වෙනස් වේ. පදුරු කිහිපයක් ගලවා අල මේරීම ප්‍රමාණවත්දැයි බැලීම සුදුසු ක්‍රමයයි. බෝගයේ පසු අස්වනු කාලය ඉතා කෙටි නිසා වෙළද පොලේ ඉල්ලුම අනුව අස්වනු නෙලිය යුතුය.

අස්වැන්න

ලබාගත හැකි අස්වැන්න වගා කරන ප්‍රභේදය, අස්වනු නෙලන අවස්ථාවේදී  වගාවේ වයස සහ අනුගමනය කල වගා පාලන ක්‍රම අනුව වෙනස් වේ.

ප්‍රභේදය
හෙක්ටයාරයකට ටොන්
එම්.යු. 51
35 - 40
සී.ඒ.ආර්.අයි. 555
35 - 40
කිරිකවඩි
22 - 75
සුරනිමල
35 - 50
ස්වර්ණ
35 - 40
ශානි
35 - 40

 

 
 
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with
Last Modified on - 08/02/2010
Hits on this page - 50114