පොදු ගැටළු සහ පිළිතුරු   

 

 


 
 
   
  
  
  
    

බෝගය 

ගැටළුව 

පිළිතුර 

1. වී

අලෙවි ගැටළු

  • අමාත්‍යාංශයට යොමු කිරීම (ගොවිජන සංවර්ධන)

  දු.අ. 011-2868921

  • අදාල ගොවිජන කේන්ද්‍රයේ ප්‍රාදේශිය සංවර්ධන නිලධාරි මහතාට යොමු කිරීම

2. බිම්මල්

පුහුණුවක් ලබාගැනීම

  • ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ බිම්මල් ඒකකයට යොමු කිරීම.
    ශ්‍රීමති උඩුගම මිය

දු.අ. 081-2388011/2/3

  • අදාල ප්‍රදේශයේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවලින්ද පුහුණුවක් ලබාගත හැක.

අඹේපුස්ස - 033-2273359
බිබිල  - 055-2265423
බිදුණුවැව - 057-2222500
ගබඩාවත්ත, හෝමාගම - 011-2855745
ගල්පල්ලම - 052-2222090
හොරණ - 034-2261107
තෙලිජ්ජවිල - 041-2240477
කරපිංච - 060-2459618
වාගොල්ල - 035-2265269, 2265569
වීරවිල - 047-2237021

බීජ ලබාගැනීම

  • ආසන්නම බීජ අලෙවි මධ්‍යස්ථානයට යොමු කිරීම

3. මිරිස්

කොළ කොඩවීම

  • වගාව පරික්ෂා කර බලා නිවරදිව රෝගය හදුනාගැනීම වැදගත්ය. මේ සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක/කෘෂි පර්යේෂණ ස්ථානයකින් උපදෙස් ලබාගත හැක.
  • කොළ කොඩවීමට හේතුවන කෘමීන් හදුනාගැනීම වැදගත්ය. (මයිටාවා, සුදුමැස්සා, කූඩිත්තා, පැළ මැක්කා)
  • මයිටාවා සිටීනම් සල්පර් අඩංගු කෘමිනාශක යෙදීමට උපදෙස් දීම
  • සුදුමැස්සා/පැළ මැක්කා/කූඩිත්තන්ට ඉමඩක්‍‍ලොෆීඩ් අඩංගු කෘමිනාශක ‍යෙදීමට උප‍දෙස් දීම
  • කන්නයට වගා කිරීමට උපදෙස් දීම
  • N අඩංගු පොහොර අඩුවෙන් යෙදීමට උපදෙස් දීම

4. කරවිල/ වැටකොළු/ පතෝල

ඉල්මැස්සාගේ හානිය

  • කුඩා වගාවක නම් පොලීතීන් ආවරණයට උපදෙස්දීම
  • පොළව රේක්ක කිරීමට උපදෙස් දීම
  • දරුණු හානියක් පවතින විට පෙන්තියෝන් වැනි නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න
  • බෝග මාරුව අනුගමනය කරන්න.
  • කාබනික පොහොර මැනවින් වගාවට යෙදීම
  • 3% කාබොෆියුරාන් කැට 2ක් පමණ බීජ සිටුවන අවස්ථාවේදී සෑම වලකටම යෙදීමද කළ හැකිය.
  • කියුලියෝඩ්  හෝමෝනය  යෙදු උගුලක් භාවිතා කිරීමෙන් පිරිමි සතුන් පාලනය කරගත හැකිය.

5. කෙසෙල්

පැළ ලබාගත හැකි ස්ථාන

  • අදාල ප්‍රදේශයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල වෙත යොමු කිරීම
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවිසැළ, පැළ අලෙවිසැල්වලින් හා පෞද්ගලික ර‍ජයේ ලියාපදිංචි පැළ තවාන්වලින් ලබාගන්න.
  • බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථාන වෙත යොමු කිරීම

ගන්නොරුව - 081- 2388221
උද්‍යාන ගොවිපල, ඒකක 2 – 081-2388387
හදබිම අධිකාරිය - 081-4481640
කුණ්ඩසාලේ - 081-2421829
අළුත්තරම - 055-2257348
බටඅත - 047-2226004
මහඉලුප්පල්ලම - 025-2249133
බිබිල, උද්‍යාන බෝග - 055-2265349

පොහොර නිර්දේශය

සිටුවීමට සති දෙකකට පෙර එක්වලකට

තෙත් කලාපය
ඩොලමයිට් 500 g

වියළි හා අතරමැදි කළාපය
ඩොලමයිට් අවශ්‍ය වන්නේ පසේ ආම්ලිකතාවය අධික නම් පමණි.

මූලික පොහොර
තෙත් කලාපය

  • කාබනික පොහොර 10 kg
  • යූරියා 55 g
  • එප්පාවල රොක්පොස්‍‍ෙෆ්ට් 80 g
  • මියුරියේට් ඔෆ්පොටෑෂ් 95 g

සිටුවා මාස 02 දී 
තෙත් කලාපය

  • යූරියා 55 g
  • එප්පාවල රොක්පොස්‍‍ෙෆ්ට් 80 g
  • මියුරියේට් ඔෆ්පොටෑෂ් 95 g

ඉන්පසු සෑම මාස 4කට වරක්
තෙත් කලාපය

  • යූරියා 110 g
  • එප්පාවල රොක්පොස්‍‍ෙෆ්ට් 160 g
  • මියුරියේට් ඔෆ්පොටෑෂ් 190 g
  • කීසරයිට් 100 g

වියළි හා අතරමැදි කළාපය 

  • කාබනික පොහොර 10 kg
  • යූරියා 60 g
  • සාන්ද්‍ර සුපර් පොස්‍ෙෆ්ට් 40 g
  • මියුරියේට් ඔෆ්පොටෑෂ්
    125 g

වියළි හා අතරමැදි කළාපය 

  • යූරියා 60 g
  • සාන්ද්‍ර සුපර් පොස්‍ෙෆ්ට් 40 g
  • මියුරියේට් ඔෆ්පොටෑෂ්
    125 g

    වියළි හා අතරමැදි කළාපය 
  • යූරියා 120 g
  • සාන්ද්‍ර සුපර් පොස්‍ෙෆ්ට් 80 g
  • මියුරියේට් ඔෆ්පොටෑෂ්
    250 g

කෙසෙල් ගුල්ලාගේ හානිය

  • හානියෙන් තොර වූ පැළ සිටවිය යුතුය
  • සාම්ප්‍රධායික ක්‍රමයේදී නම් ගොම, අළු, කාබොෆියුරාන් අඩංගු දියරයෙහි ගිල්වා ප්‍රතිකාර කිරීම. වාර්ෂික ක්‍රමයේදී සිටුවන වලට කාබොෆියුරාන් ස්වල්පයක් දැමිය යුතුය
  •  වගාව පිරිසිදුව තබාගැනීම
  • වගාවේ තැනින් තැන කෙසෙල් කඳ කැබලි කොටස් තබන්න. මෙය අඩි ‍දෙකෙන් දෙකට කැපුම් පෘෂ්ඨය යටි අතට සිටින සේ තබන්න.
  • කෙසෙල් කඳන් 3 ½"- 4" ඝනකමට පෙති කපා පෙති දෙකක් මැදට කාබොෆියුරාන් ග්රෑම් 5ක් පමණ විසුරුවා හැර ‍ෙක්‍ෂ්ත්‍රයේ තැනින් තැන තබන්න. අක්කරයට උගුල් 20-30 පමණ ප්‍රමාණවත්ය.

පැනමා රෝගය

  • වගාව පරීක්ෂා කර බලා නිවැරදිව රෝගය හදුනාගැනීම වැදගත්ය.  මේ සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක/ කෘෂි පර්යේෂණ ස්ථානයකින් උපදෙස් ලබාගත හැකිය.
  • ප්‍රතිරෝධි ප්‍රභේද (ඇඹුල් කෙසෙල්) වගා කිරීම
  • මනා ජල වහනයක් ‍ෙක්‍ෂ්ත්‍රයේ පවත්වා ගැනීම
  • නිරෝගි  පැළ භාවිතය
  • ආසාදිත පැළ ගලවා විනාශ කිරීම

6. පැපොල්

බීජ ලබාගැනීම

  • රත්න පැපොල් බීජ ලබාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානවලට යොමු කිරීම

ගන්නොරුව - 081- 2388221
උද්‍යාන ගොවිපල, ඒකක 2 – 081-2388387
හදබිම අධිකාරිය - 081-4481640
කුණ්ඩසාලේ - 081-2421829
අළුත්තරම - 055-2257348
බටඅත - 047-2226004
මහඉලුප්පල්ලම - 025-2249133
බිබිල, උද්‍යාන බෝග - 055-2265349

  •  රෙඩ්ලේඩි බීජ අදාල ප්‍රදේශවල පුද්ගලික වෙළදසැල් වෙත යොමු කිරීම

වෛරස් රෝගය

  • වගාව පරීක්ෂා කර බලා නිවැරදිව රෝගය හදුනාගැනීම වැදගත්ය. මේ සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක/කෘෂි පර්යේෂණ ස්ථානයකින් උපදෙස් ලබාගත හැකිය.
  • නිරෝගී රෝපණ ද්‍රව්‍ය තෝරාගැනීම වැදගත්ය
  • ආසාදිත ශාක ගලවා පුළුස්සා දැමිය යුතුය

7. අඹ

ගෙඩි නොසෑදීම

  • කප්පාදු කිරීම මඟින් අනවශ්‍ය අතු ඉවත් කිරීමට උපදෙස්දීම
  • පොහොර නිර්දේශය ලබාදීම

වියළි හා අතරමැදි කලාප සඳහා
සිටුවීමට සති දෙකකට පෙර
- ඩොලමයිට් 500 g (වලකට)
- කාබනික පොහොර 10 Kg (වලකට)

 


  • සිටුවීමට පෙර
  • පළමු වසරේ සෑම මාස 4ට වරක්
  • දෙවන වසරේ සෑම මාස 4ට වරක්
  • තෙවන වසරේ සෑම මාස 4ට වරක්
  • සිව්වන වසරේ සෑම මාස 4ට වරක්
  • පස්වන වසරේ සෑම මාස 4ට වරක්

යූරියා

160


55


80


110


135


160

TSP

200


65


100


135


165


200

MOP

90


30


45


60


75


90

පත්‍ර කපන ගුල්ලාගේ හානිය

  • කෘමියා හදුනාගැනීමට කරුණු විමසීම
  • ගස යට වැටී ඇති පත්‍ර කැබලි අහුලා විනාශ කිරීම
  • ඩයිමෙතොඒට් කෘමිනාශකයෙන් මි.ලී. 30ක් ජලය ලීටර් 10ට මිශ්‍රකර හානිය ආරම්භ වූ අවස්ථාවේදී පත්‍රවලට යොදන්න

අඹ පත්‍ර කීඩෑවා

  • කෘමියා හදුනාගැනීමට කරුණු විමසීම. කීඩෑවා මි.මි. 4ක් පමණ විශාලය.
  • අඹ පත්‍ර කීඩෑවා සිටින ගසක් අසලට ගිය විට කෘමීන් කළබල වීම නිසා "සරසර" ශබ්දයක් ඇතිවේ.
  • හානිය හදුනාගත් පසු පහත සදහන් එක් කෘමි නාශකයක් ගසේ අතුපතරට  වදින සේ යොදන්න.

ඩයිමෙතෝඒට් මි.ලී. 30ක්/ජලය ලීටර් 10
ඉමිඩක්ලෝෆිඩ් මි.ලී. 10ක්/ජලය ලීටර් 10 

එත්‍රල් යොදා අඹ ඉදවීම

  • එත්‍රල් මි.ලී 1ක් ජලය ලීටර් 1ක් වන ලෙස ද්‍රාවණය සාදා ගෙන එම මිශ්‍රණය උෂ්ණත්වය 520C ලෙස රත්කර එය‍ට ඉදවාගත යුතු අඹ, දැල් ගෝනියක දමා විනාඩි 3ක් ගිල්වා අල්ලා ගෙන සිටීම (පතුලේ නොගෑවෙන ලෙස)
  • ඉවතට ගෙන පිසදමා හොදින් වැසිය හැකි කාඩ්බෝඩ් පෙට්ටියක හෝ භාජනයක අසුරා දින 3ක් පමණ තැබීමෙන් ඒකාකාරි ලෙස ඉදවා ගත හැකිය.

අඹ කප්පාදු කිරීම

  • අදාල ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමුවීමට උපදෙස් දීම
  • හොඳින් ගසේ කදට ආලෝකය ලැබෙන සේ අනවශ්‍ය අතු ඉවත් කර කැපුම් තලයේ දිලීර නාශකයක්/ලැකර් වැනි දෙයක් ආලේප කිරීම

8. රඹුටන්

ගෙඩි හැලීම

  • වගාව පරීක්ෂා කර බලා නිවැරදිව රෝගය හදුනා ගැනීම වැදගත්ය. මේ සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක/ කෘෂි පර්යේෂණ ස්ථානයකින් උපදෙස් ලබාගත හැකිය
  • රෝග ලක්ෂණ පිටුපුස් රෝගය යැයි නිශ්චය කරගත යුතුය. සුදුපාට පිටි වැනි ද්‍රව්‍යයක් ගෙඩි මතුපිට දැකිය හැකිය.
  • සල්ෆර් ග්රෑම් 4ක් ජලය ලීටර් 1ට දියකර ඉසින යන්ත්‍රයක් බාවිතයෙන් ගස්වලට යොදන්න.
  • ක්ලෝරොතැලොනිල් දිලීරනාශකයෙන් ග්රෑම් 2ක් ජලය ලීටර් 1 ක දියකර යෙදීම
  • අවශ්‍ය නම් නැවත දින 10කින් යෙදීමට උපදෙස් දීම
  • ආසාදිත කොළ මල් හා ලපටි ගෙඩි පුළුස්සා දැමීමට උපදෙස් දීම.
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with
Last Modified on - 20/11/2008
Hits on this page - 29926