වී වගාව කන්නයට වගා කිරීම නියමිත කන්නයට වගා කිරීම, වී වගාවේ වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා අත්‍යාවශ්‍ය කරුණකි. මෙය ප්‍රධාන කරුණු දෙකක් යටතේ සිදුකළ යුතුය. - නියමිත කන්නයට වගා කිරීම
- යායේ ගොවීන් සියළු දෙනාම එකමුතුව එකවර වගා කිරීම
මෙම කරුණු දෙකෙන්ම බලාපොරොත්තු වන්නේ - වර්ෂා ජලය හා හිරු එළිය වගාවට උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනිමත්.
- රෝග හා පළිබෝධවලින් වගාව ආරක්ෂාකර ගැනීමත්ය
වියලි කලාපයේ මහ කන්නය තුලදී වී වගාව ආරම්භ කළයුතු කාල පරිච්ජේදය පහත සටහනේ ආකාරයට තෝරාගන්න මහ කන්නයේදී පෙබරවාරි 15 සිට මාර්තු 15 හා යල කන්නයේදී අගෝස්තු 15 සිට සැප්තැම්බර් 15 අතර කාල වකවානුව තුලදී අස්වනු නෙලාගත හැකිවන පරිදි වී ප්‍රභේදයේ වසය අනුව වගාව ආරම්භ කළයුතු කාලය තීරණය කරන්න.
මහ කන්නය සඳහා සුදුසු වගා කාලය වැඩි වයස් වී | මාස 4 ½ වී ප්‍රභේද | බිම් සැකසීම සැප්. 25 සිට ඔක්. 15 අතරදී | වැපිරීම ඔක්. මැදදී (ඔක්. 15 - 30 අතරදී) | පැල සිටුවීම නොවැ. මුලදී (නො. 01 – 15 අතරදී) | මාස් කන්නයේ අස්වනු නෙලීම පෙබරවාරි 15 සිට මාර්තු 15 අතර කාලයේදී සිදුවිය යුතුය. | මාස 4 වී ප්‍රභේද | බිම් සැකසීම ඔක්. 10 - 30 අතරදී | වැපිරීම නොවැ. මුලදී (නොවැ. 01 - 15 අතරදී) | පැල සිටුවීම නොවැ. අගදි (නො. 15 – 30 අතරදී) | බාල වයස් වී | මාස 3 ½ වී ප්‍රභේද | බිම් සැකසීම ඔක්. 25 සිට නොවැ. 15 අතරදී | වැපිරීම නොවැ. මැදදී (නොවැ. 15 - 30 අතරදී) | පැල සිටුවීම දෙසැ. මුලදී (දෙසැ. 01 – 15 අතරදී) | මාස 3 වී ප්‍රභේද | බිම් සැකසීම නොවැ. 10 - 30 අතරදී | වැපිරීම දෙසැ. මුලදී (දෙසැ. 01 - 15 අතරදී) | පැල සිටුවීම දෙසැ. මුලදී (දෙසැ. 15 – 25 අතරදී) |
වියළි කලාපයේ මහ කන්නය තුළදී ඔබ විසින් වගා කිරීමට බලාපොරොත්තු වන වී ප්‍රභේදයේ වයස අනුව අදාල කාල පරිච්ජේදය තෝරා ගන්න. යල කන්නය සඳහා සුදුසු වගා කාලය
වැඩි වයස් වී | මාස 4 ½ වී ප්‍රභේද | බිම් සැකසීම මාර්තු 25 සිට අප්‍රේල් 15 දක්වා | වැපිරීම අප්‍රේල් 15 සිට 30 දක්වා | පැල සිටුවීම අප්‍රේල් අගදි (අප්‍රේල් 30 සිට මැයි 15 අතරදී) | යල කන්නයේ අස්වනු නෙලීම අගෝස්තු 15 ත් සැප්තැම්බර් මස 15 ත් අතර කාලයේදී සිදුවිය යුතුය. | මාස 4 වී ප්‍රභේද | බිම් සැකසීම අප්‍රේල් 10 - 30 දක්වා | වැපිරීම අප්‍රේල් 30 සිට මැයි 15 දක්වා | පැල සිටුවීම මැයි අගදි (මැයි 15 – 30 අතරදී) | බාල වයස් වී | මාස 3 ½ වී ප්‍රභේද | බිම් සැකසීම අප්‍රේල් 25 සිට මැයි 15 දක්වා | වැපිරීම මැයි 15 සිට 31 දක්වා | පැල සිටුවීම මැයි අගදි (මැයි 31 සිට ජුනි 15 අතරදී) | මාස 3 වී ප්‍රභේද | බිම් සැකසීම මැයි 10 සිට මැයි 31 දක්වා | වැපිරීම මැයි 31 සිට ජුනි 15 දක්වා | පැල සිටුවීම ජුනි 15 – 30 දක්වා |
වියළි කලාපයේ යල කන්නය තුළදී වගා කිරීමට බලාපොරොත්තු වන වී ප්‍රභේදයේ වයස අනුව වගාව පිහිටුවීමට අදාල කාල පරිච්ජේදය තෝරාගන්න. එකම වයසේ කාණ්ඩයේ වී එකම යායේ වැපිරීම හා පැල සිටුවීම යන ආකාර දෙකටම වගා කරන්නේ නම් වී වැපිරීමට දින 07 -10 කට පෙර තවාන් වපුරා ගන්න. යායේ හෝ ප්‍රදේශයේ ගොවීන් එකමුතුව වගාකිරීම යායේ ගොවීන් එකමුතුව එකවර වගා කටයුතු කිරීමෙ විශේෂයෙන්ම වී වගාවට හානිකරන කෘමි හා රෝග හානි වලකා ගැනීමේ ප්‍රධාන මාර්ගයයි. එකම යායක හෝ ප්‍රදේශයක් තුළ පැල සිටුවීම, වැපිරීම, පැල ගොයම, පඳුරු දමන ගොයම, පුදිත ගොයම යනාදි විවිධ අවස්ථාවන් එකම කාල පරිච්ජේදයක් තුළ නොතිබීමට වගබලා ගත යුතුය. එනම් එකම යායේ හෝ ප්‍රදේශයේ පැල සිටුවීම හෝ වැපිරීම එකම කාල වකවානුවේදී අවසාන කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීම අතිශයින් වැදගත්ය. ප්‍රමාද වී කෙරෙන වී වගාවන්හි - - කෘමි හා රෝග හානි වැඩිය.
- වර්ධනය බාලවී අස්වැන්න අඩුවේ
- අස්වනු නෙලන කාලයේදී වර්ෂාවෙන් හානි විය හැකිය
බිම් සකස් කිරීම වී වගාව සඳහා බිම පිළියෙල කිරීමේදී පහත දක්වා ඇති අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වේ. - කාබනික ද්‍රව්‍ය දිරාපත්වීම
- සාර්ථක වල් පැලෑටි මර්දනය
- කාබනික හා අකාබනික පොහොර පසට මිශ්‍රවීම
- හොඳින් මුල් වර්ධනය සඳහා අවශ්‍ය තරම් ගැඹුරකට පස සකස් කිරීම
- වගාව ආරම්භ කිරීම සඳහා සුදුසු ආකාරයට පස මතුපිට සියුම්ව සකසා ගැනීම
- ජල පාලනය සාර්ථකව ඉටුකර ගැනීම
මඩට බිම් සකස් කිරීම (තෙත් ආකාරයට) මඩට බිම් සැකසීමේදී පහතින් දක්වා ඇති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම යෝග්‍ය වේ. පළමු සී සෑම (බිං නැගුම, පුරන් හීය) පළමු සී සෑමේදී අඟල් 8 - 10 (සෙ. මී. 20 – 25) ක් පමණ ගැඹුරට පස බුරුල්වන සේ සී සෑම කළයුතුය. සිංහල ගැමි නගුල, යකඩ නගුල, මෝල්බොඩ් නගුල, තැටි නගුල මේ සඳහා භාවිතා කළහැකිය. උදළු මගින් ලියදි කෙටීමද (තාල් කෙටීම) ඉතා යෝග්‍යය. මේ අන්දමට සී සෑමෙන්, පොළොව යටින් ඇති තද ස්ථරය කැඩී යටි පස් මතු පිට පස සමග මිශ්‍රවීම නිසා පසේ සාරවත් භාවය වැඩි දියුණු වේ. පළමු සී සෑම සමග හෝ ඉන්පසුව කාබනික පොහොර ලෙස පිදුරු සහ කොළ පොහොර (වනාතේ කොළ අතු හෝ පිටතින් ගෙනා කොළ පොහොර) යෙදීම සිදුකළ යුතුවේ. මෙමගින් වී වගාවේ අස්වනු සැලකියයුතු මට්ටමකට වැඩිකර ගත හැකිය. දෙවන සී සෑම (මද හීය - මඩ හීය) පළමු සී සෑම සිදුකර දින 10 – 14 කට පසු සිංහල ගැමි නගුල මගින් හෝ රොටවේටරය මගින් හෝ කොකු නගුල භාවිතාකර දෙවන සී සෑම හරස් අතට සිදු කරන්න. දිරාපත් වු කාබනික පොහොර (දිරාපත් වු පිදුරු, ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, කොළ පොහොර වෙනත් සත්ත්ව අපද්‍රව්‍ය) දෙහීයෙන් පසු කුඹුරට යෙදීම වඩාත් යෝග්‍ය වේ. ගොම පොහොර, කුකුල් පොහොර, කොම්පෝස්ට් හෝ දිරාපත් වු වෙනත් කාබනික පොහොර දෙවන සී සෑමෙන් පසු කුඹුරට දමන්න. නියර බැදීම (මඩ තබා ඔප මට්ටම් කිරීම) පළමු සී සෑමෙන් පසු ලියදිවල මුළු, උදැල්ලෙන් කොටා නියර බැදීම සිදුකල යුතුවේ. දෙවන සී සෑමෙන් පසු නියර මඩ තබාගැනීම යෝග්‍ය වේ. මේ මගින් ලියදිවල ජලය රඳවා තබාගැනීම හොඳින් සිදුවන අතර නියරවල වල් පැලෑටි පැලවීමද පාලනය කළ හැකිවේ. මඩ කිරීම හා මට්ටම් කිරීම (පෝරුගෑම) පෝරු ගෑමේදී ලියදිවල හී කැට හොඳින් පොඩිවන සේත්, ගොඩැලි මට්ටම්වන සේත් පස හොඳින් මඩ කරගත යුතුවේ. ලියදි මඩ කිරීමෙන් පසු මතුපිට ඒකාකාරීව මට්ටම්වන ලෙස හොඳින් සමතලා කරන්න. පෝරු ගෑමෙන් පසු ලියදිවල ජලය රැස්කර තබන්න. අවශ්‍ය වුවහොත් ගොවි පෝරුව භාවිතයෙන් මතුපිට සමතලා කිරීම තවදුරටත් සිදුකළ හැක. වී වැපරීමේදී සහ ඩැපොග් තවාන් පැල සිටුවීමේදී මෙලෙස මනාලෙස පස මට්ටම් කිරීම අතිශයින් වැදගත්ය. ලියදිවල අධික ලෙස වල්පැල තිබේ නම් පළමු සී සෑමට ප්‍රථම රසායනික වල්නාශක භාවිතා කළ හැකිය. නමුත් දෙකන්නයම වගාවෙන කුඹුරු සඳහා මෙලෙස රසායනික වල් නාශක යෙදීමේ විශේෂ අවශ්‍යතාවයක් උද්ගත නොවේ. වියලි බිම් සකස් කිරීම (ගොඩට සී සෑම) වගා කන්නයේ පළමු වැසි වී ගොවිතැනට යොදා ගැනීමේ පරමාර්ථය මත සැහැල්ලු පස් ඇති (වැලි සහිත) කුඹුරුවල වියළි බිම් සැකසීම සිදු කළ හැකිය. ඉන්පසු කැකුලන් ක්‍රමයට වැපිරීම හෝ හොඳින් ජලය තිබේනම් මඩට වැපිරීම වුවද කළහැකිය. කුඹුර හොඳින් සමතලා කළවිට ඒකාකාරීව ජලය බැඳීම පහසුවන අතර එමගින් වල් පැලෑටි පාලනයද පහසුවේ. රසායනික පොහොර ඒකාකාරීව කුඹුරේ විසුරුවා හැරීමටද එය උපකාරිවේ. පිදුරු යෙදීම බිම් සකස් කිරීමට පෙර පසුගිය කන්නයේ පිදුරු ලියදිවලට යෙදීම පසේ සාරවත්භාවය දියුණු කළ හැකි පහසුම ක්‍රමයකි. පිදුරු යෙදීම ඵලදායි ලෙස වී වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා නිර්දේශ කළ හැකි පිළිවෙතකි. බිම් සකස් කිරීමට පෙර පිදුරු කුඹුරට යොදා දිරාපත්වීමට ඉඩ හරින්න. පළමු සී සෑමෙන් පසු එම පිදුරු ලියදි පුරා විසුරුවා හැර ජලය බැඳ, දෙවැනි සී සෑම පහසුවන පරිදි පිදුරු දිරාපත් වීමට ඉඩහරින්න. පිදුරු යෙදීමේදී වෙනත් වී වර්ග මිශ්‍රවීමට ඇති ප්‍රවනතාවය වැඩිවන නිසා මේ ගැන සැලකිලිමත් විය යුතුය. පෙර කන්නයේ වගාකල වී වර්ගය මෙම කන්නයේ වගා කිරීමට බලාපොරොත්තුවන වී වර්ගයට වඩා වෙනස් නම් හෝ එම පිදුරුවල ඇති බීජ ප්‍රරෝහණයවීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී එම පැල පසට යටකර විනාශ කිරීමෙන් පසුව නව වගාව ආරම්භ කළ යුතුය. අක්කර 1ක පිදුරු කුඹුරට යෙදීම සඳහා කම්කරු ඒකක දෙකක් පමණ අවශ්‍ය වේ. ප්‍රභේදය තෝරා ගැනීම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට මුලිකව බලපාන කරුණක් නම් සුදුසු ප්‍රභේදය (වී වර්ග) තෝරා ගැනීමයි. විවිධ වගා පාලන පාංශු හා දේශගුණික තත්වවලට ගැලපෙන වී ප්‍රභේද 36ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සඳහා නිර්දේශ කර තිබේ. කුමන තත්ත්වයන් යටතේදී වුවද, මෙම නව දියුණු වී ප්‍රභේද මගින් පැරණි ප්‍රභේදවලට වඩා වැඩි අස්වැන්නක් ලබාගත හැකිය. - නව දියුණු වර්ගවලට ප්‍රශස්ථ පාරිසරික හා වගා පාලන තත්ත්වයන් යටතේ ඉහළ අස්වනු දීමේ හැකියාවක් ඇත.
- එම ප්‍රභේද අතුරින් වැඩි වයස් කාණ්ඩයේ වී ප්‍රභේදවලට ( මාස 4 හෝ 4 ½ ) බාල වයස් වී ප්‍රභේදවලට වඩා (මාස 3 හෝ 3 ½ ) තරමක් අයහපත් පාරිසරික තත්ත්ව යටතේ වුවද වැඩි අස්වනු ලබාදීමේ හැකියාවක් ඇත.
- උසස් වගා පාලන තත්ත්ව ලබා දියහැකි නම් මාස 3 ½ ප්‍රභේදවලින් ද අක්කරයට බුසල් 200 ක තරම්වු වැඩි අස්වැන්නක් ලබාගත හැකිබව ගොවින් විසින්ම පෙන්නුම්කර තිබේ.
- බාල වයස් වී ප්‍රභේද (මාස 3 හෝ 3 ½ ) මගින් උසස් අස්වනු ලබාගැනීම සඳහා යහපත් පාරිසරික හා උසස් වගා පාලන තත්ත්වයන් පවත්වා ගෙන යා යුතුය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවින්වෙත වලාව සඳහා නිර්දේශකර ඇති ජනප්‍රිය වී ප්‍රභේද පහත දක්වා ඇත. මෙහි දක්වා ඇති වී ප්‍රභේදවල වයස් සීමාව වගා කන්නය සහ ඒ ඒ පළාත්වල පාරිසරික තත්ත්ව හා වගා පාලන තත්ත්ව අනුව දින 7 සිට 10 පමණ කාලයකින් අඩු හෝ වැඩි විය හැකිය. |