අප ගැන  

 

 


 
 
   
  
  
  

‍ශ්‍රී ලංකා‍‍වේ කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව ‍‍‍‍

අප රට, විශාල පරාසයක ව්‍යාප්තව පවත්නා විවිධාකාරවූ ‍‍බෝග වගා කිරීම සඳහා ‍යෝග්‍ය වූ පාරිසරික තත්වයන් ‍‍‍ගෙන් සමන්විත ‍‍වෙයි.  DOA ලෙසින් කෙටි‍‍‍යෙන් හදුන්වනු ලබන‍ කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව වසර 96 කට අධික කාලයක සිට කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ කාලීනව සිදුවන‍ වෙනස්කම් වලට අනුගතව සිය කටයුතු කර‍‍‍‍ගෙන යාම සඳහා ‍‍ගොවීන්ට සහය දක්වමින් සිටියි. පසු කාලීනව විවෘත ආර්ථිකයේ ‍‍‍‍‍මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම් ‍‍කෙරෙහි ‍‍පෞද්ගලික අංශ‍‍යේ මැදිහත් වීම සහ පාරිසරික ගැටළු හේතුවෙන් කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුවටද අවස්ථානුකුලව ‍වෙනස් වීමට සිදු විය.

ඇතිවිය හැකි ‍ගෝලීය ආහාර හිගයක් පිළිබඳ කාරණත්, පැණනගින නව ‍‍වෙළෙද‍ පොළ බලවේගත් කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුවට අනාගතය සඳහා නව උපාය මාර්ගයන් වර්ධනය කර ගැනී‍මෙහිලා බලපෑම් සිදුකර ති‍බේ. අපට ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට නම් අප‍ගේ කෘෂිකර්මාන්තයද ‍‍වෙනස්වන ජාතික ‍‍‍මෙන්ම ‍‍ගෝලීය ප්‍රමුඛතාවයන්ට අනුව ‍‍වෙනස්‍‍ කිරීමට සිදු ‍වේ.

පරිසරයට අහිතකර බලපෑම් ඇති‍‍ නොවන අයුරින් ප්‍රධාන ආහාර ‍‍‍බෝග වලින් ස්වයං පෝෂිතතාව ලඟාකර ගැනීම උ‍දෙසා නව ප්‍ර‍‍භේද අභිජනනය කිරිමට බෝග ආරක්ෂණ ක්‍රම සංවර්ධනය කිරීමට හා නිෂ්පාදන ක්‍රම පවත්වාගෙනයාමට කෘෂිකර්ම ‍‍‍ දෙපාර්තමේන්තුව ඉලක්ක කර‍‍ගෙන සිටි.  

‍මෙම ඉලක්කයන් සපුරා ගැනීම උ‍දෙසා බිංදු ජල සම්පාදන ආරක්ෂිත පාරිසරික තත්ව යට‍තේ (ශාකාගාර) බෝග නිෂ්පාදනය සහ ජීව තාක්ෂණික ක්‍රම වැනි නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳව දැනටමත් අත්හදා බැලීම් සිදුකරනු ලැබ ඇත.

රටවල් අතර නිදහස් ‍වෙළදාම වර්ධනය විමත් සමඟ ‍‍දේශිය නිෂ්පාදනයන් ‍‍කෙ‍රෙහි බාහිර බල‍වේග විසින් ඇතිකරනු ලබන බලපෑම් වැඩිවිය හැකිය. මෙම තත්වය කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව විසින් ‍දේශිය නිෂ්පාදනයන්ට සිය අස්වැන්න හා ප්‍රතිලාභ වර්ධනය කරගන්නා ආකාරය පෙන්වා දෙමින් ඔවුන් ආරක්ෂාකර ගැනීමට පියවර ගැනීමේ ඇති අවශ්‍යතාවය තහවුරු කරයි. එ‍ලෙසම නිදහස් ‍වෙළදාම අ‍පේ නිෂ්පාදකයන්ටද ‍ගෝලීය ‍‍වෙළදපළට පිවිසී‍මේ නව අවස්ථාවන් විවෘත කර දි තිබේ. තත්ව‍‍යෙන් උසස් නිෂ්පාදන ගෝලීය ‍වෙළදපලට යැවීම සහා නව ප්‍ර‍භේද වලට නව ක්‍රම‍වේද වලට හා නව පශ්චාත් අස්වනු තාක්ෂණයට අවශ්‍ය කරන සුදුසු නිෂ්පාදන තාක්ෂණයක් සංවර්ධනය කළ යුතුව ඇත. එයින් වගා ක්‍ෂේත්‍රයට මුළුමනින්ම නව කර්මාන්තයට ප්‍රව්ශ්ට වීමට අවස්ථාවන් විවෘත වන අතර ඒ සදහා‍‍‍‍ නූතන ‍වෙළදපල තොරතුරු අවශ්‍ය වෙයි.

කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තු‍ව පර්යේෂණ අංශය ‍‍‍මෙවන් පරිසරයක සිට කාර්යය ඉටුකලයුතු වන්න්‍‍‍යෙ. පර්යේෂණ අංශ‍යේ පර්යේෂණ කාර්යයන්හි පැතිකඩත් වැඩිදුර ‍‍තොරතුරු විග්‍රහයකින් ‍‍‍තොරව මෙහි අන්තර්ගත කොට ඇත. කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තු‍ව ආහාර සුරක්ෂිතතාව සහ අප ජනතාව සඳහා ගුණාත්මයෙන් යුතු ජීවිතයක් අත්පත්කර දීම හමුවේ ඇති අභි‍යෝග ජයගැනීමට ගනු ලබන ප්‍රයත්නය පිළිබඳව ‍‍‍‍‍මෙය සවිස්තරාත්මක එකතුවකි.

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with
Last Modified on - 26/07/2010
Hits on this page - 56405