www.agridept.gov.lk

YOU ARE HERE: Home නව ප්‍රභේද
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
නව ප්‍රභේද

| හැදින්වීම | කමිටුව | හඳුන්වා දුන් ප්‍රභේද | ආකෘති පත්‍ර | දැන්වීම් හා ක්‍රියාකාරකම් |

 

පසුගිය පනස් වසර තුළ ශ්‍රී ලංකාවේ බෝග නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ වැඩි අස්වනු දෙන නව බෝග ප්‍රභේද හඳුන්වාදීමයි. රටට අවශ්‍ය නව බෝග ප්‍රභේද හඳුන්වාදීමේ ප්‍රධානම කාර්යභාරය ඉටුකරනුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනි.

ඉතා හොද තත්වයේ නව ප්‍රභේද හදුන්වා දීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉහළම ප්‍රමිතීන් සහිතව පර්යේෂණ අත්හදාබැලීම් හා නිර්දේශ කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

ප්‍රභේද  නිකුත් කිරීමේ කමිටුව (VRC) කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ සභාපතිත්වයෙන් රැස්වන අතර ඔහු විසින් පර්යේෂණ නිලධාරීයෙක් ලේකම්වරයෙක් ලෙස පත්කරනු ලබයි. කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ද එනම් අධ්‍යක්ෂවරුන්,නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් හා ජේ්‍යෂ්ඨ නිලධාරීන්ද (පර්යේෂණ, ව්‍යාප්ති හා පුහුණු, බීජ සහතික කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන, පැළෑටි සංරක්ෂණ හා සමාජ ආර්ථික විද්‍යා අංශවලින්) අධ්‍යක්ෂ ජනරාල් විසින් පත්කරනු ලබන අතර මෙම නව ප්‍රභේද සංවර්ධනයට සෘජුවම දායකවන අභිජනන විද්‍යාඥයින් ඔවුන්ගේ පර්යේෂණ දත්ත කමිටුව වෙත ඉදිරිපත් කර ඒ පිළිබ‍ද පවත්වන සාකච්ඡාවලින් අනතුරුව කමිටුව විසින් නව ප්‍රභේද වශයෙන් පිළිගෙන නිර්දේශ කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ තවදුරටත් පර්යේෂණ කිරිමට නිර්දේශ කිරීම සිදුවේ.

 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 1864429

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.