|
|
|
|
නව තාක්ෂණයන් පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ වරුන් සහභාගි වු කලාපීය කෘෂිකර්ම රැස්වීමේදි පැන නැගුණ සාකච්ඡාවක් අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව ප්‍රභේද නිකුත් කිරීමේ කමිටුව හා සමාන්තරව නව තාක්ෂණය නිර්දේශ කිරීමේ කමිටුවක අවශ්‍යතාවයද පැහැදිලි වු බැවින් 2008 වර්ෂයේදි මෙම කමිටුව ස්ථාපිත කරනු ලැබීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැඩි දියුණු කරන ලද හෝ සොයාගත් නව තාක්ෂණයන් ආදාල නිලධාරි විසින් මෙම කමිටුව වෙත ඉදිරිපත් කරන අතර මෙම කමිටුව මගින් වාර්ෂිකව නව තාක්ෂණයන් නිර්දේශ කරමින් ඒවා ප්‍රකාශයට පත් කෙරේ. මෙම නව තාක්ෂණය පිලිබදව නිර්ණය කිරීම සඳහා කමිටු සමාජිකයින් ඇතුළු සියලු අධ්‍යක්ෂවරුන්, පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් හා තාක්ෂණයට අදාල කෘෂි විද්‍යාඥයින්
හා ව්‍යාප්ති නිලධාරීන්ද සහභාගි වන සම්මන්ත්‍රණ සංවිධානය කෙරේ. |
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.