|
|
|
|
කලාපීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය - වව්නියා | හැඳින්වීම | කාර්ය මණ්ඩලය | දැන්වීම් හා ක්‍රියාකාරකම් |
කිලිනොච්චියෙහි (වුනිවාය) පිහිටි කලාපීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට සහ තිරුනෙල්වේලි, වවුනියාව මුරුන්කන් හා පරන්තන් පිහිටි එහි උප ම්‍යස්ථානවලට පැවරී ඇති වගකීම වන්නේ උතුරු පළාතේ සිටින ගොවීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කලාපයට (ඩීඑල්1, ඩීඑල්2 හා ඩී එල්4) ආර්ථිකමය වශයෙන් වැදගත් වන වෙනත් ක්ෂේත්‍ර බෝග සම්බන්ධයෙන් කෘෂිකාර්මික පර්යේෂණ පැවැත්වීමයි.
මෙම මධ්‍යස්ථානය මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනුබද්ධව පවතී. ප්‍රදේශයේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් කිලිනොච්චි හා පරන්තන්හි පර්යේෂණ හා සංවර්ධන කටයුතු කරගෙන යාමට නොහැකි විය. එම නිසා මෙම වාර්තාවෙන් සාකච්ඡා කරන කාර්යයන් බොහෝමයක් සිදු කරන ලද්දේ වවුනියා උපයෝගිතා පර්යේෂණ ස්ථානය සහ මුරුන්කන් කාෂිකර්ම පර්යේෂණ ස්ථානය විසිනි. දැනට මෙමගින් සමෝධානික පළිබෝධ කළමනාකරණය, පාංශු සාරවත්භාවය, ජල කළමනාකරණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සහ කුළුබඩු, ධාන්‍ය රනිල සහ එළවළුවලට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉටු කෙරේ.
|
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.