|
|
|
|
වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (RRDI)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී පර්යේෂණායතනයෙන් සිදු කරනු ලබන කාර්යයන්
1. උසස් ගුණාත්මයෙන් යුතු වැඩි අස්වනු විභවයක් සහිත රෝග හා පළිබෝධක මෙන්ම අයහපත් පරිසර තත්ව සඳහා ද ප්‍රතිරෝධි නව වී ප්‍රභේද නියැදි ලබාදීම. 1.1 මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස වී වගාකරුවන්, කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ නියැළෙන කේෂ්ත්‍ර නිලධාරීන් 1.2 සේවය ලබාගත හැකි ආකාරය වැඩි දියුණු කළ නව ප්‍රභේද පිළිබඳ වැඩිදුර තොරතුරු බතලගොඩ වී පර්යේෂණායතනයෙන් හෝ 1920 ගොවි සහන සරණ සේවයෙන් ලබාගත හැක. ඉල්ලුම් කරන ලද ගොවීන් සඳහා බිත්තර වී කිලෝග්‍රෑම් එක බැගින් ගොවීන් හට නිකුත් කරනු ලැබේ. 1.3 මෙම සේවය සඳහා ගෙවිය යුතු ගාස්තුව බිත්තර වී කිලෝග්‍රෑම් 1 සඳහා සම්බා - රු. 49.00 නාඩු - රු. 48.00 බෑග් - රු. 5.00 1.4 මෙම බිත්තර වී ලබාගත හැකි කාලවේලාවන් සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15 ත් අතර 1.5 මෙම සේවය සැපයීම සඳහා ගතවන කාලය ඒ ඒ වී ප්‍රභේදවල සුලභතාවය මත රඳා පවතී 1.6 මෙම සේවය සපයනු ලබන ස්ථානය වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව. දු.අංක - 037-2259881/ 037-2258560, 037-2258561-62 ඊ-මේල් - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ 1.7 කාර්යභාර නිලධාරීන්
2. ශාක නිරෝධායනය ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම, පසෙහි සාරවත්බව ජල කළමනාකරණය මෙන්ම වී නිෂ්පාදනයේදී නිෂ්පාදිතතාව මෙන්ම ලාභාදායිතාව වැඩිදියුණු කිරීම පිළිබඳ නව තාක්ෂණයන් ව්‍යාප්ත කිරීම 2.1 මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස වී වගා කරන ගොවීන්, කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ නියුතු කේෂ්ත්‍ර නිලධාරීන් 2.2 සේවය ලබාගත හැකි ආකාරය මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බතලගොඩ වී පර්යේෂනායතනයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශයෙන් හෝ 1920 ගොවි සහණ සරණ සේවාවෙන් ලබාගත හැක. 2.3 මේ සඳහා ගොවිය යුතු ගාස්තුව මෙම සේවය කිසිදු ගෙවීමකින් තොරව සිදුකරයි 2.4 මෙම සේවය ලබාගත හැකි කාල වේලාවන් සතියේ දිනවල උදේ 8.30 සිට සවස 4.15 දක්වා 2.5 මෙම සේවය සැපයීම සඳහා ගතවන කාලය ඒ ඒ ගැටළුව මත රඳා පවති 2.6 මෙම සේවය සපයනු ලබන ස්ථානය වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව දු.අංක - 037-2259881/ 037-2258560-2 ඊ-මේල් - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ 2.7 කාර්යභාර නිලධාරීන්
3. නව වැඩි දියුණු කළ වී ප්‍රභේද හා නව තාක්ෂණය ව්‍යාප්ත කිරීම 3.1 මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස වී වගාකරුවන් හා ඒ සම්බන්ධ කේෂ්ත්‍ර නිලධාරීන්, වී වගාව පිළිබඳ තොරතුරු අවශ්‍ය කරන සිසුන් මෙන්ම ගුරුවරුන් 3.2 මෙම සේවය ලබාගත හැකි ආකාරය 1. මෙම ආයතනය නැරඹීම සඳහා ලිඛිත අවසරයකින් ලබාගැනීම 11. කණ්ඩායමක් ලෙස ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් කිරීම 3.2 මෙම සේවාව සඳහා වන ගෙවීම 1. කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්, මෙන්ම අනෙකුත් රාජ්‍ය සේවකයින්, සිසුන් සඳහා මෙම සේවාව නොමිලයේ සපයනු ලැබේ 11. රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පෞද්ගලික ආයතන සඳහා අයකිරීම් කණ්ඩායමක් සඳහා දිනකට ශ්‍රවණාගාරය - රු. 1200/- මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරය සඳහා දිනකට - රු. 100/- අවශ්‍ය අවස්ථාවන්හිදී සම්පත් දායකයන් සඳහා වන ගෙවීම් 3.4 මෙම සේවය ලබාගත හැකි කාල වේලාවන් සතියේ දිනවල උදේ 8.30ත් සවස 4.15ත් අතර 3.5 මෙම සේවය සැපයීම සඳහා ගතවන කාලය හැකි ඉක්මනින් ලබාගත හැක 3.6 මෙම සේවය සපයනු ලබන ස්ථාන වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව දු.අංක - 037-2259881/ 037-2258560-2 ඊ-මේල් - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ 3.7 කාර්යභාර නිලධාරීන්
4. නව අභිජනන වී ප්‍රභේදයන්හි බිත්තර වී ව්‍යාප්ත කිරීම
4.1 මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස සෑම වී වගාකරුවෙක්ම 4.2 මෙම සේවය ලබාගත හැකි ආකාරය කන්නයක් ආරම්භයේදීම සතියේ දිනවල ආයතනය වෙත පැමිණිමෙන් 4.3 මේ සම්බන්ධයෙන් සපයනු ලබන සේවාවන් 1 ගොවීන්ගේ කැමැත්ත පරීක්ෂා කිරීම සඳහා ආයතනය මඟින් බිත්තර වී කිලෝ ග්‍රෑම් 1 බැඟින් ගොවීනට ලබාදීම 11 කන්නය ආරම්භයේදී ගොවීන් හට යම් ප්‍රමාණයකින් බිත්තර වී ලබාදීම 111 කන්න ආරම්භයේදී රජයේ ගොවිපලවලින් බිත්තර වී ලබාගැනීම 4.4 මෙම සේවය සඳහා වන ගෙවීම් සේවා ගාස්තු ලෙස බිත්තර වී කිලෝ ග්‍රෑම් 1 - රු. 50/- සම්බා බුසල් 1ක් - රු. 1000/- බෑගය සඳහා රු. 18.50 4.5 මෙම සේවාව ලබාගත හැකි කාලවේලාවන් කන්නයක ආරම්භයේදී සතියේ දිනවල උදේ 8.30 සිට සවස 4.15 දක්වා 4.6 මෙම සේවාව ලබාදීමට ගතවන කාලය එම දිනයේම (සුලභතාවය මත) 4.7 මෙම සේවය සඳහා වගකිව යුතු ආයතනය වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව. දු.අංක - 037-2259881/ 037-2258560, 037-2258561-62 ඊ-මේල් - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ 4.8 කාර්යභාර නිලධාරීන්
5. තෝරාගත් යායන්හි කේෂ්ත්‍ර චාරිකා සඳහා සහභාගි කරවීම මෙන්ම ගැටළු (කෘමීන්, රෝග, වල්පැලෑටි, සාරවත්බව, පාරිසරික ගැටළු) හදුන්වාදීම
5.1 මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස වී වගාකරුවන් 5.2 මෙම සේවය ලබාගත හැකි ආකාරය 1. වර්තමානයේ කේෂ්ත්‍රයේ ඇති ගැටළු පිළිබඳ ලිපියකින්, Fax මාර්ගයෙන් හෝ දුරකතන ඇමතුමක් මඟින් දැනුම් දීම 11. ගැටළු සහිත ශාක නියදියක් සමඟ සතියේ දිනයන්හි ආයතනයට පැමිණිම මඟින් 5.3 මෙම සේවය සඳහා ගෙවිය යුතු ගාස්තුව මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරයි 5.4 මෙම සේවය ලබාගත හැකි කාල වේලාවන් සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15 ත් අතර 5.5 මෙම සේවය සැපයීම සඳහා ගතවන කාලය ගැටළුව පැහැදිලිව ඉදිරිපත් කරන අවස්ථාවලදී දුරකතන ඇමතුම් මඟින් ගැටළුව නොපැහැදිලි අවස්ථාවලදී හා උග්‍ර අවස්ථාවලදී කේෂ්ත්‍ර නිරීක්ෂණ මඟින් 5.6 මෙම සේවය සඳහා වගකිව යුතු ආයතනය වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව. දු.අංක - 037-2259881/ 037-2258560, 037-2258561-62 ඊ-මේල් - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ 5.7 කාර්යභාර නිලධාරීන්
6 හදුනාගන්නා ලද ගැටළු සඳහා මෙන්ම හදුනාගත් ස්ථානයන්හි පොහොර නිර්දේශ කිරීම සඳහා පාංශු පරීක්ෂා සිදුකිරීම 6.1 මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස ක්ෂේත්‍ර පර්යේෂණවල නියැලෙන පර්යේණ නිලධාරීන්, සිසුන් මෙන්ම විශේෂිත පාංශු ගැටළු සහිත ගොවීන් සඳහා 6.2 මෙම සේවය ලබාගත හැකි ආකාරය පස් නියැඳි පරීක්ෂා සඳහා පූර්ව අනුමැතිය සඳහා ලිපියක් මඟින්, Fax මඟින් හෝ email මඟින් ඉල්ලීමක් කිරීම 6.3 සපයනු ලබන සේවාව හදුනාගන්නා ලද ගැටළු සඳහා මෙන්ම හදුනාගත් ස්ථානයන්හි පොහොර නිර්දේශ කිරීම සඳහා පාංශු පරීක්ෂා සිදු කිරීම 6.4 මෙම සේවය සඳහා ගෙවිය යුතු ගාස්තුව රජයේ අනුමත ගාස්තු 6.5 මෙම සේවය ලබාගත හැකි කාල වේලාවන් සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15 ත් අතර 6.6 මෙම සේවය සැපයීම සඳහා ගතවන කාලය ඉල්ලීම් කර ඇති ප්‍රමාණය මත කාලය තීරණය වේ 6.7 මෙම සේවය සඳහා වගකිව යුතු ආයතනය වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව. දු.අංක - 037-2259881/ 037-2258560, 037-2258561-62 ඊ-මේල් - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ 6.8 කාර්යභාර නිලධාරීන්
|
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.