|
|
|
|
ඒකකයේ මෙහෙවර/ අරමුණු/ ඉලක්ක
1. බීජ කර්මාන්තයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම 2. ගොවීන්ට ලබාදෙන දේශීය නිෂ්පාදිත හා ආනයනික බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මකභාවය තහවුරු කිරීම ඉතිහාසය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය ඕලන්ද රජයේ ආධාර වැඩසටහන අනුග්‍රහය ඇතිව 1979 වසරේදී විධිමත්ව ස්ථාපනය කරන ලදී. එසේවුවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 1958 වසරේ සිටම බීජ පරීක්ෂණ සේවා සපයනු ලැබ ඇති අතර, එම වසරේදී බීජ වී සාම්පල් 1758ක් පරීක්ෂාවට ලක්කර ඇත. වසර 1970 දී වසරකට සාම්පල් 5000ක් සඳහා පරීක්ෂණ පැවැත්විය හැකි ධාරිතාවයෙන් යුත් බීජ පරීක්ෂණාගාරයක් පේරාදෙණියේ ස්ථාපනය කරන ලදී. මෙම ඒකකය 1970 වසරේදී ජාත්‍යන්තර බීජ පරීක්ෂණ සංවිධානයේදී (ISTA) සාමාජිකත්වය ලබා ගත්තේය. පේරාදෙණියේ පිහිටි පරීක්ෂණාගාරයේ ධාරිතාවය වැඩි කරන අතරම මහඉලුප්පල්ලමේද තවත් පරීක්ෂණාගාරයක් ඉදිකරමින් 1978 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එහි බීජ පරීක්ෂණ ධාරිතාවය තව දුරටත් වර්ධනය කරනු ලැබීය. බටඅත සහ අලුත්තරම යන ස්ථානවල පිහිටුවන ලද තවත් පරික්ෂණාගාර දෙකක පරීක්ෂණ කටයුතු 2000 වසරේදී ආරම්භ කරන ලදී. මෙම ඒකකය විසින් පළමුවරට පරීක්ෂණ හා සහතික කිරීමේ වැඩකටයුතු 1980 වසරේදී වී සම්බන්ධයෙන් සිදුකරන ලද අතර එහි සේවය 1983 වසරේදී රනිල බෝග සඳහා 1984 වසරේදී එලවළු බෝග සඳහාද තවදුරටත් ව්‍යාප්ත කරන ලදී. මෙම බෝගවල පශ්චාත් පාලන අත්හදාබැලීම් ඒ සඳහාම සංස්කරණය කරන ලද ගන්නොරුව ජී.සී. 1, ගන්නොරුව ජී.සී. 2, මහඉලුප්පල්ලම හා සීතාඑළිය යන කේෂ්ත්‍ර හතරකදී ආරම්භ කරනු ලැබීය. පසුව බීජ සහතික කිරීම සේවය විසින් එහි කේෂ්ත්‍ර පරීක්ෂණවලට සහාය දැක්වීම සදහා දීපව්‍යාප්තව ප්‍රාදේශිය ඒකක 16ක් ආරම්භ කරන ලදී. බීජ සහතික කිරීමේ සේවය මගින් සිදුකරනු ලබන නව ප්‍රභේදවල ප්‍රභේදතා, සමතා හා ස්ථායිතා, පරීක්ෂණ කටයුතු 1984 වසරේදී ආරම්භ කෙරුණි. |
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.