www.agridept.gov.lk

YOU ARE HERE: Home ආයතන
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
පලතුරු ‍බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (FCRDC)

| හැඳින්වීම | කාර්ය මණ්ඩලය | දැන්වීම් හා ක්‍රියාකාරකම් |

Building_FCRDC

පැවරුම
වර්ෂ 2001 ඔක්තෝම්බර් මස පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවනු ලැබ ඇත්තේ මේ රටේ පලතුරු නිෂ්පාදන ඉහල නැංවීම සඳහා අවශ්‍ය නිසි තාක්ෂණය වැඩි දියුණු කර ප්‍රචලිත කිරීමේ ජාතික වගකීම ඉටු කිරීම පිණිසය. 2005 වර්ෂයේදී පහතරට තෙත් කළාපය සඳහා එළවළු වගා තාක්ෂණයක් වැඩි දියුණු කර ප්‍රචලිත කිරීමේ වගකීමද මධ්‍යස්ථානයට පැවරිණි.

දැක්ම
පලතුරු බෝග නිෂ්පාදනයේ විශිෂ්ටත්වය මඟින් ජාතියේ සෞභාග්‍ය උදාකරගැනීම.

මෙහෙවර
ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රධාන පලතුරු නිෂ්පාදකයෙකු බවට පත්කිරීම.

අරමුණු

  1. ප්‍රධාන ආහාර බෝග සහ පහතරට එලවළු සඳහා කාර්යක්ෂමව හා පරිසර හිතකාමි, තිරසාර හා ආර්ථිකමය වශයෙන් වාසිදායක නිෂ්පාදන හා අස්වනු නෙලීමේ හා සැකසීමේ තාක්ෂණය වැඩි දියුණු කිරීම.
  2. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ව්‍යාප්ති සේවා සංවිධාන සමඟ සහයෝගිතාවයෙන් තාක්ෂණ ප්‍රචලිත කිරීම

මෙරට ප්‍රධාන පලතුරු නිෂ්පාදකයකු බවට සහ පලතුරු නිෂ්පාදනය ලාබදායි ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන සමඟ සහයෝගීව කටයුතු කිරීම.

 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 1874810

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.