www.agridept.gov.lk

YOU ARE HERE: Home ආයතන
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ජංගම කෘෂිතාක්ෂණ සහය සේවාව (MATS)

හැඳින්වීම | කාර්ය මණ්ඩලය | දැන්වීම් හා ක්‍රියාකාරකම්


කෘෂිකර්ම තාක්ෂණ සහායක ජංගම සේවය අතිගරු ජනාධිපති තුමියගේ අදහසකට අනුව පිහිටුවනු ලැබූ අතර අයවැයෙන් වෙන් කළ මුදල්වලට බාහිරව අරමුදල් ලබා දෙන ලදී. මූලික වශයෙන් 1998 වර්ෂයේ සිට රු. මිලියන 40ක් වෑන් රථ 8ක් මිලදී ගැනීමට හා එම වෑන්රථවලට අවශ්‍ය උපකරණ සවිකිරීම සඳහා වැය කරනු ලැබ ඇත.

මෙම වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවර්ධනය කරනු ලබන තාක්ෂණ ජාලය රැගෙන ගොවියාගේ දොරකඩටම ගෙන ගොස් එම දැනුම ඔහුට ලබාදීම සඳහා විශේෂයෙන්ම පිළියෙල කරන ලද්දකි. එහි ස්වස්ත අරමුණ වන්නේ ප්‍රධාන ආහාර බෝගවලින් රට ස්වයං‍ පෝෂිත කිරීම සහ ආහාර සැපයීම වර්ධනය කිරීම හා සාධාරණ මිලකට පාරිභෝගිකයාට ආහාර ලබා ගැනීමට සැලැස්වීම මඟින් ගොවියාගේ ආදායම වැඩි දියුණු කිරීමත්ය.

මෙම වැඩසටහන 1998 වර්ෂයේදී අතිගරු ජනාධිපති තුමිය විසින් ආරම්භ කරන ලදී පහත දැක්වෙන සේවා ලබාදීම වාහන 8ක් ජංගම සේවයේ යෙදවිණි.
  1. පැලෑටි පෝෂක සම්බන්ධ ගැටළු වල වියදම් ලබාදීම සඳහා ගොවි කේ‍ෙෂ්ත්‍රවලින් එකතු කර ගන්නා පාංශු නියදි පර්යේෂණවලට ගෙන ඒම ‍ෙක්‍ෂ්ත්‍රය තුළදීම පාංශු හා ජලයෙහි පී.එච්. (PH) පරීක්ෂාව හා සන්නායකතාව පරීක්ෂා  කිරීම
  2. පළිබෝධ හා රෝග පිළිබඳව ගැටළු නිශ්චය කිරීම හා ඒවාට පිළියම් යෙදීම
  3. පිරිවැයට සරිලන නිෂ්පාදන ක්‍රම යොදා ගනිමින් නිෂ්පාදන ඵලදායිතාවය වර්ධනය කර ගැනීම සඳහා ගොවීන් බෝග වගාව පිළිබඳව පුහුණු කිරීම
  4. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදනය කරනු ලබන බීජ හා රෝපණ ද්‍රව්‍ය විකිණිම.
  5. කෘෂිකර්ම ප්‍රකාශන අලෙවිය
ආරම්භයේදී අම්පාර, අනුරාධපුරය, හම්බන්තොට කුරුණෑගල හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක පහ ඉලක්ක කරගෙන ජංගම තාක්ෂණ සේවයක් ලෙස පවත්වා ගෙන යාමට යෝජනා විය. ඉහත සඳහන් දිස්ත්‍රික්ක වල පිහිටි කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයන්හි එම වෑන් රථ රදවා තබනු ලැබීය. පසුව එම වෑන් රථ පේරාදෙණියෙහි පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ තබා ගැනීමට තීරණය විය. දැනට උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි දිස්ත්‍රීක්ක හැර අම්පාර දිස්ත්‍රීක්කයද ඇතුළුව දිවයිනේ අනෙකුත් සියළුම දිස්ත්‍රීක්කවල කටයුතු මෙම ජංගම වෑන් රථ අටෙන් ආවරණය කරනු ලබයි.

ජංගම සේවා මගින් ලබාදෙන සේවාවන්ගෙන් ලැබෙන ප්‍රතිලාභ යථාර්තයක් බවට පත්කර ගැනීම සඳහා විවිධ වූ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබයි.
  • විශේෂයෙන්ම යාය වැඩසටහන වැනි ප්‍රදේශ ඉලක්ක කර සිදුකරනු ලබන විශේෂ ව්‍යාප්ති වැඩසටහන්වලට අනුබලදීම දිරිමත් කිරීම.
  • නිසිලෙස අර්ථ නිරූපනය කර ඇති සහ හදුනාගෙන ඇති ගොවි කණ්ඩායම්වල අවශ්‍යතාවලට ගැලපෙන වැඩසටහන් පවත්වමින් ව්‍යාප්ති පණිවුඩවලින් සපයා ඇති ප්‍රතිපාදන ඉලක්ක වර්ධනය කිරීම
  • පාංශු පරීක්ෂණ පදනම් කරගත් නිර්දේශිත වැඩසටහන් පවත්වා ගෙන යාම සඳහා ව්‍යාප්ති හා පර්යේෂණ වැඩ සටහන්වල ධාරිතාවය වැඩි කිරීම
  • පළිබෝධ හා රෝග පැතිරීම වැනි හදිසි අවස්ථාවන් පිලිබඳ අවධානය යොමු කිරීම.
 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 1862478

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.