www.agridept.gov.lk

YOU ARE HERE: Home සයිබර් ව්‍යාපෘතිය
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

ග්‍රාමීය කෘෂි තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවී‍මේ ව්‍යාපෘතිය
Cyber_banner

හැඳින්වීම
කෘෂිකර්ම දෙපාර්තමේන්තු‍වේ නිර්දේශිත කෘෂි තාක්ෂණ තොරතුරු කාර්යක්ෂමව ගොවි ජනතාව වෙතට ලබා දෙමින් ඔවුන්ගේ ප්‍රායෝගික ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීම  සඳහා ජාතික කෘෂි තොරතුරු ජාලයක් (National Agriculture Information Network) ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය කෘෂිකර්මික තොරතුරු මධ්‍යස්ථාන (Cyber Extension Units / Rural Knowledge Centers ) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භකර තිබේ.

 

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී සියළුම  කෘෂිකර්ම උපදේශක කාර්යාලයකටම දුරකථන හා අන්තර්ජාල පහසුකම් නොමැති වු බැවින්, බෝග වගාවන් පිළිබඳ තොරතුරු ඇතුලත් සංයුක්ත තැටි  / IMM CD Roms (Interactive Multimedia CD) නිෂ්පාදනය කර බෙදාදෙන ලදී. මෙම සංයුක්ත තැටි නිෂ්පාදනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය මඟින් සිදුකරයි. දැනට මෙම IMM CD තැටි 44 ක් අදාල කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ නිෂ්පාදනය කර ඇත.

නියමු ව්‍යාපෘතිය

නියමු ව්‍යාපෘතිය යටතේ ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිවයිනේ ගොවිජන කේන්ද්‍ර 53 ක් මූලික කරගෙන ග්‍රාමීය කෘෂි තොරතුරු මධ්‍යස්ථාන පිහි‍ටවු අතර (2004දී ග්‍රාමීය කෘෂි තොරතුරු මධ්‍යස්ථාන 25ක්ද, 2005දී 20ක්ද, 2007දී 8ක්) එහිදී එක් මධ්‍යස්ථානයක් සඳහා පරිගණක උපකරණ කට්ටලයක් (පරිගණකයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ප්‍රින්ටරයක්, ඩිජිටල් කැමරාවක්,වෙබ් කැමරාවක්) සමඟ දුරකථන පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් දියහැකි සයිබර් ඒකක සඳහා අදාල පහසුකම්ද සපයා දෙන ලදි. ව්‍යාපෘතිය මධ්‍යම රජයේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල කෘෂිකර්ම උපදේශකවරුන් විසින් ක්‍රියාත්මක කරන ලදි. මේ සඳහා මූල්‍ය දායකත්වය රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්ති පර්යේෂණ සභා ව්‍යාපෘතිය (CARP) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තු‍ෙව් එවකට පැවති ධන්‍යාගාර වැඩසටහන මඟින් සපයන ලදි.

දැයට කිරුළ 2011 ජාතික ප්‍රදර්ශණයට සමගාමීව ක්‍රියාත්මක වු මෙණරාගල දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේද එම දිස්ත්‍රික්කයේ සියළුම  කෘෂිකර්ම උපදේශක කාර්යාල වලට පරිගණක උපකරණ ලබාදෙමින් එම කාර්යාල, ග්‍රාමීය කෘෂි තොරතුරු මධ්‍යස්ථාන බවට වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. මෙම නියමු ව්‍යාපෘතියේ මෙතෙක් ලැබූ අත්දැකීම් අනුව ශ්‍රී ලංකාවේ සියළුම කෘෂි උපදේශක කාර්යාල ජාතික කෘෂි තොරතුරු ජාලයට එක් කිරීම සඳහා ව්‍යාපෘතියන් ඉදිරිපත්කර තිබේ.

 

 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 1873630

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.