|
|
|
|
ලොකු ළූණු උද්භද විද්‍යාත්මක නාමය - ඇලියම් සීපා කුලය - ඇලියේසි හැදින්වීම ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් වගා කරණු ලබන්නේ මාතලේ, අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සහ මහවැලි H කලාපයට අයත් ප්‍රදේශවලය. අප රටේ වාර්ෂික ලොකුළුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 90,000 - 10,000 ක් පමණ වේ. වගාවට සුදුසු ප්‍රභේද
මුහුදු මට්ටමේ සිට මීටර් 200 ක් දක්වා වු ප්‍රදේශයන්හි වගාකල හැකිය. වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 750 (අගල් 30) නොඉක්ම විය යුතුය. වගාව ආරම්භයේ සිටම තද වර්ෂාව නුසුදුසු වන අතර විශේෂයෙන් බල්බ මෝරන අවස්ථාවලදී මාස 1 - 1 1/2 පමණ වියළි උණුසුම් කාළගුණයක් පැවතීම ඉතා වැදගත්ය. වායුගෝලීය තෙතමනය 70% වැඩි වූ විට දිලීර රොග වලින් වගාවට විශාල වශයෙන් හානි සිදුවේ. පස වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන රතු දුඹුරු පසෙහිද, රෙගෝසෝල් පසෙහි සහ ඇල දොල ආශ්‍රතව දක්නට ලැබෙන දියළු පසෙහිද සාර්ථකව ලොකු ළුණු වගාකළ හැකිය. PH අගය 6.5 - 7.8 අතර තිබීම වඩා යෝග්‍යයි. බීජ අවශ්‍යතාවය හෙක්ටයාරයක් වගා කිරීම සදහා අවශ්‍ය බීජ පැල ලබා ගැනීමට ගුණාත්මයෙන් උසස් ලොකු ළුණු බීජ කිලෝ ග්‍රෑම් 6 - 7 ක් පමණ අවශ්‍ය වේ. වගා කාලය ක්ෂේත්‍රයේ සිටුවීම සදහා භාවිතා කරන රෝපණ ද්‍රව්‍ය ආකාර 2 කි. බීජ තවාන් දමා සකස් කරගත් පැල බීජ තවාන් දමා සකසාගත් වියලි බල්බ සකසාගත් බීජ පැල / වියලි බල්බ යල් කන්නයේ අප්‍රේල් මස මැද භාගයේ සිට ජුනි මස මැද භාගය දක්වා සිටුවීම සුදුසු වේ. මහ කන්නයේ වගා කරන්නේ නම් දෙසැම්බර් මැද සිට ජනවාරි මැද දක්වා කාලය තුල බීජ තවාන් කර පැල නිපදවීම අසීරු නිසා වියලි බල්බ සිටුවීම වඩා සුදුසුය. තවාන් සැකසීම බීජ තවාන් කිරීමට වඩාත් සුදුසු වන්නේ මාර්තු මස මැද සිට මැයි මස මැද දක්වා වු කාලයයි. තවානට සුදුසු ත්ථානයක් තෝරා ගන්න. බීජ වැපිරීමට සති 3 - 4 පෙර 20 cm පමණ ගැඹුරට පස පෙරලන්න. ඉන් පසු 3cm දිග 75cm පළල 15cm උස් වු පාත්ති සකස් කරගන්න. හෙක්ටයාරයකට අවශ්‍ය පැල ලබාගැනීමට මෙවැනි පාත්ති 150 ක් (අක්කරයකට පාත්ති 60 -70) පමණ අවශ්‍ය වේ. සකස්කරගත් පාත්තිවලට කාබනික පොහොර යොදා පහත එක් ක්‍රමයක් භාවිතා කර පාත්ති ජීවාණුහරණය කරන්න. පාත්ති පිලිස්සීම පොලිතීන් වසුනක් යොදා පස රත් කිරීම රසායනික ද්‍රව්‍ය යෙදීම තවාන් සදහා පොහොර මූලික - යූරියා - 15g - ත්‍රිත්ව සුපර් පොස්පේට් - 30g - මියුරේට් ඔෆ් පොටෑස් - 15g සති 2 - 4 - යූරියා - 15g - මියුරේට් ඔෆ් පොටෑස් - 15g බීජ ප්‍රතිකාර කිරීම ලොකු ළුණු බීජ කිලෝ ග්‍රෑම් 1 ක් සදහා තිරාම් 80% හෝ කැප්ටාන් 80% 4 - 4 1/2 හෝ කැප්ටාන් 50% - 6g හෝ තයෝෆනේට් මිතයිල් 50% - WP + තිරාමි 30% WP 4g බීජ තවාන් කිරිම ආකාර දෙකකි - බීජ පේලියට දැමීම - බීජ වැපිරීම බීජ සැකසීම තෝරාගත් ඉඩමෙහි 30cm පමණ ගැඹුරට පස පෙරලන්න. හොදින් දිරූ කාබනික පොහොර හෙක්ටයාරයකට ටොන් 10 - 12 (අක්කරයට ටොන් 4 - 5) පමණ දමා පස සමග කළවම් කරන්න. ඉතා හොද ජල වහනයක් ඇති වැලි සහිත පස් පවතින වියලි කළාපීය ප්‍රදේශවල ගිල්වු පාත්ති සකසා ගැනීම වඩා සුදුසුය. අනෙකුත් ප්‍රදේශවල උස් පාත්ති සුදුසුය. බීජ පැල සිටුවීම සති 4 ක් පමණ වයසැති පත්‍ර 3 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත නීරෝගී පැල පමණක් සිටුවීම සදහා තෝරා ගන්න. පැල සදහා කළයුතු ප්‍රතිකාර දිලීර රෝග වැලදීම පාලනයට සිටුවීමට තෝරාගත් පැලවල බල්බ පහත සදහන් දිලීර නාශක ද්‍රවණයක විනාඩි 30 ක් පමණ ගිල්වා තබන්න. ජලය ලීටර් 10 ක දියකරගත යුතු දිලීර නාශකයයේ ප්‍රමාණය පහත දක්වා ඇති පරිදි වේ. තයෝෆනේට් මීතයිල් 70% WP 20g තිරාම් 80% WP 15g තයබෙන්ඩසෝල් 45% WG 25g තයෝෆනේට් මීතයිල් 50% 30 තිරාම් 30% WP 18g පරතරය බීජ පැල පරතරය - 10 cm x (අගල් 4 x 4) හෝ 8 cm x 8 cm (අගල් 3 x 3) - මූල මණ්ඩලයට හානියක් නොවන පරිදි බීජ පැල සිටුවන්න. බීජ තවාන් කිරීම මෙය ආකාර දෙකකට කල හැකිය. බීජ පේලියට දැමීම - 10 cm පරතරයට 1 cm ගැඹුරට පේලි දිගේ බීජ දමන්න. බීජ වැපිරීම - සකසාගත් පාත්තිවල බීජ පේලියට නොදමා ඒකාකාරීව බීජ වැපිරීම කල හැකිය. වියලි බල්බ නිපදවා ගැනීම බීජ තවාන් කර සති 8 - 10 පමණ කාලයකට පසු ලබාගන්නා පදම්කරගත් කුඩා ළුණු බල්බ, වියලි බල්බ ලෙස භාවිතා කල හැක. වගාවට පොහොර යෙදීම කල්පිටිය හැර සෙසු ප්‍රදේශ
කල්පිටිය ප්‍රදේශය සදහා
ජල සම්පාදනය ආකාර දෙකකි.
වගාවට බහුලව හානි කරන කෘමීන්
වගාවට බහුලව වැලදෙන රෝග
ඇස්වැන්න නෙලීම පැල සිටුවා දින 80 - 100 දී වගාකරන ප්‍රභේද බොහෝමයක අස්වැන්න නෙලා ගත හැකිය. කාබනික පොහොර යෙදීමෙන් අක්කරයට මෙට්‍රික් ටොන් 15 - 20 ක අස්වැන්නක් ලබාගත හැකිය. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.