|
|
|
|
කෙසෙල් / පැපොල් / අඹ / වැල්දොඩම් / අන්නාසි / රඹුටන් / දිවුල් / අලිගැට පේර / මිදි /
දූරියන් / දෙළුම් / කාමරංගා / ඇඹරුල්ලා / පැණි දොඩම් / කොමඩු / ග්‍රේප් පෘට් / පේර / මැංගුස් / දෙහි / ලෙමන් / බෙලි / ජම්බෝල / ජමනාරං / ඩ්‍රැගන් පෘට් / වැල, වරකා අඹ කුලය - Anacadiaceae උද්භිත විද්‍යාත්මක නාමය - Mangifera indica
උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය. ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය පළතුරක් වන අඹ එහි ඇති ප්‍රධාන රසය හා ප්‍රසන්න සුවඳ හේතුවෙන් සුවිශේෂි බවක් දක්වයි.
අඹ සම්භවය වි ඇත්තේ ඉන්දියාවේ ලෙස සැලකේ. එය ලංකාවේ කඳුකර ප්‍රදේශවල හැර අනෙක් සෑම ප්‍රදේශයකම ගෙවතු වගාවක් ලෙස බහුලව දක්නට ලැබෙන අතර වියළි කලාපය තුල වාණිජ වගාවක් ලෙසද ජනප්‍රිය වෙමින් පවතී. අළුත් පලතුරක් ලෙස උසස් ගුණාත්මයෙන් යුත් අඹ සඳහා කිසි විටෙකත් අඩු නොවන දේශීය හා විදේශීය ඉල්ලුමක් පවතී. සංරක්ෂණය කළ නිෂ්පාදන ලෙස (ජෑම්, කොඩියල්, චට්නි, අච්චාරු) අපනයනය කිරීමේ හොඳ විභවයක් අඹ වලට ඇත. ශ්‍රී ලංකාවේ වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 27,846 පමණ වන අතර මුළු නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 72,692 පමණ වේ. මෙයින් මෙට්‍රික් ටොන් 18 අපනයනය සඳහා යොදා ගනී. පෝෂ්‍ය ගුණය අඹ පල්පය ග්‍රෑම් 100 අඩංගු ද්‍රව්‍ය
මධ්‍යම ප්‍රමාණයේ එක් ඉදුන අඹ ගෙඩියක් ආහාරයට ගැනීමෙන් අප සිරුරට දිනකදී අවශ්‍ය වන විටමින් සී හා ඒ ප්‍රමාණය පිරිමසා ගත හැකිය. අඹ ගෙඩියක අඩංගු විය හැකි විවිධ පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන්, ප්‍රභේද අනුවද, ගෙඩිය ඉදී ඇති ප්‍රමාණය අනුවද, වගා කරනු ලබන ප්‍රදේශ අනුවද වෙනස් විය හැකිය. ඉදුන හෝ නොඉදුන පළතුරක් ලෙස මෙන්ම වෙනත් නොයෙක් අන්දමට සංරක්ෂණය කිරීමේන් පසුවද අඹ ආහාරයට ගැනේ. ඉදී නැති අඹ ගෙඩි වලින් අච්චාරු හා චට්නි සාදනු ලැබේ. නොයෙක් බීම වර්ග, ජෑම්, ජෙලි ආදිය නිපදවීම සඳහා ඉදුනු අඹ භාවිතා වේ. එසේම මාංසලය වියළා කැබලි හා කුඩු වශයෙන්ද වෙළඳපොල වෙත ඉදිරිපත් කරනු ලැබේ. ඖෂධීය ගුණ ඉදුනු අඹ වල මෙන්ම, නොඉදුනු අඹවලද නොයෙක් ඖෂධීය ගුණ පවතී. පරිසර උෂ්ණත්වය වැඩිවීම නිසා සිරුරේ හට ගන්නා නොයෙක් ආබාධ වලකා ගැනීම සඳහා අමු අඹ වලින් සාදාගන්නා පානයක් භාවිතා වේ. මෙයට අමතරව, අමාශයේ ආබාධ සඳහාද පිත ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම සඳහා ද රුධිරය ආශ්‍රීත නොයෙක් ආබාධයන් වලකා ගැනීම පිණිසද අමු අඹ යොදා ගැනේ. ඉදුනු අඹ වල ඇති ඖෂධීය ගුණ රාශියකි. රාත්‍රි අන්ධභාවය වලක්වා ගැනීම සඳහාද, සමෙහි නිරෝගි බව ආරක්ෂා කර ගැනීමටද ඉදුනු අඹ ආහාරයට ගැනීම සුදුසුය. ඉදුනු අඹ සහ එළකිරි නිතර ආහාරයට ගැනීම මගින් සිරුරේ බර වැඩි කර ගත හැකි යයි විශ්වාසයක් පවතී මෙයට අමතරව පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙක් රෝගී තත්ත්වයන් හට ප්‍රතිකාර කිරීමේදී අඹ ඇට මද භාවිතා කරනු ලබන අතර, අඹ කොළ හා ගසේ පොතු යොදාගන්නා ප්‍රතිකර්ම රාශියක්ද වේ. නිර්දේශිත අඹ ප්‍රභේද
ශ්‍රී ලංකාවේ දැනට වගා කරනු ලබන අඹ ප්‍රභේද රාශියකි. මේ අතුරින් අප රටේ පවතින විවිධ දේශගුණික තත්ත්ව යටතේ වගා කිරීම සඳහා වඩා සුදුසු ප්‍රභේද හඳුනාගෙන තිබේ. මේ අනුව කටයුතු කිරීම මගින් ගසකින් ලබාගත හැකි අස්වැන්න වැඩිකර ගත හැකිය. එසේම හටගන්නා ගෙඩි, ප්‍රභේදයට ආවේනික රසයෙන්ද යුක්ත වේ. කරුතකොලොම්බන්
පත්‍ර තරමක් විශාලය. හොඳින් පත්‍ර කිනිත්තෙ පහළට විහිදී ඇත. පත්‍ර මැද නාරටිය හොදින් පැහැදිලිය. පත්‍ර දිගටි ඕවලාකාරය. හොඳින් පත්‍ර ධාරයන් උඩට නැමීම පෙන්නුම් කරයි. පත්‍ර ධාරය රැලි සහිතව ඇඹරී ඇත. පත්‍ර අග හා ආරම්භය උල් හැඩයක් ගනී. පත්‍ර පාර්ශ්වික නාරටි තරමක් පෙන්නුම් කරයි. ලපටි පත්‍ර ලා කහපාට අතර වැඩුණු පත්‍ර තද කොළ පාටය. ඵලය
වෙල්ලයිකොලොම්බන්
මෙය ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලදි. බහු කලලතාවයද පෙන්නුම් කරයි. ගස
විලාඩ්
රතු පැහැති වර්ගයෙන් යුතු වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වර්ගයකි. ගස
කුඩාය, පහලට නැවුණු ලෙස සැකසී ඇත. මැද නාරටිය පැහැදිලිය. පත්‍ර දාර ඉහලට නැමී ඇත. පත්‍රදාර සම්පූර්ණ හෝ අර්ධව ඇඹරී ඇති අතර නාරටි ද පැහැදිලිව බේරී ඇත. පත්‍ර අග හා මුලද උල් හැඩතිය. දළු පත්‍ර රෝස පැහැති ලා කොළ පාට වන අතර වැඩුණු පත්‍ර තද කොළ පාටය. ඵලය කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේය. ඵලය රවුම්ය. පැති සමමිතිකය. හොටය සලකුනක් පමණක් ඇත. පොත්ත තරමක් තුනීය. පොත්ත මටසිලිටුය. කහ සිට රතු පාටට හුරු රෝස පාට ගෙඩිය මුල දක්වා පාතිරේ. කෙදි ලාවට ඇත. තද කහපාට මදය තරමක් සුවඳ අතර ආකර්ෂණීය රසයක් ඇත. මධ්‍යම යුෂ ඇත. ජල සම්පාදනය
විශේෂයෙන් දිගු වියළි කාල ගුණයක් පවතින ප්‍රදේශයන්හි අළුතින් සිටුවන ලද වගාවන් සඳහා මුල් වසර 3ක පමණ කාලය තුලදී ජලය සැපයීම වැදගත්ය. වර්ෂාපතනය සහ පසෙහි ස්වභාවය අනුව ජලය සැපයියයුතු වාර ගණන තීරණය වේ. පාංශු තෙතමනය නිසි පරිදි තිබීම වඩා තීරණාත්මක වන්නේ මල් හටගැනීමෙන් පසුව ඵල මේරීම දක්වා කාලය සහ දළු ලෑමේ සිට පත්‍ර මේරීම දක්වා කාලය වේ. නමුත් පත්‍ර මේරීමෙන් පසුව මල් හටගන්නා අවස්ථාව තෙක් ගස්වලට ජලය සැපයිම නොකල යුතුය. මෙම කාලයතුලදී ජලය සැපයීම මල් හටගැනීමට අහිතකර අන්දමට බලපායි. රසායනික පොහොර නිර්දේශය තෙත් කලාපය සඳහා
වියළි හා අතරමැදි කලාපය සඳහා
ගස් කප්පාදු කිරීම
ආරම්භයේ සිට හොඳින් පුහුණු කර නඩත්තු කරන ලද අඹ ගසක් කප්පාදු කිරීමේදී කල යුතු වන්නේ රෝගී සහ මැරුණු අතු ඉවත් කිරීම පමණි. නමුත් දැනට පවතින අඹ වගාවන් හොඳින් නඩත්තු කර නොමැති හෙයින් ඒවා අක්‍රමවත් ලෙස වර්ධනය වී ඇත. කප්පාදු කිරීමෙන්
සාමාන්‍ය ගසක කප්පාදුව (මීටර් 3 උසට)
මල් උත්තේජනය කිරීම
2. ගසේ අතු අතර විශ්කම්භය මීටර් 5 දේශගුණික අවශ්‍යතා අඹ ගස නිවර්තන සහ උප නිවර්තන දේශගුණික තත්ත්වයන්හට මැනවින් අනුවර්තනය වී තිබේ. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1300 පමණ උස් වු ප්‍රදේශයන්හි වගා කළ හැකිය. නමුත් වාණිජ මට්ටමේ වගාවන් සඳහා සුදුසු වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 600ට වඩා අඩු ප්‍රදේශ පමණකි. අඹ වගාව සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය 27-30oCපමණ වේ. වාර්ෂික වර්ෂාපතනය මි.මි. 500-2500 පමණ විශාල පරතරයක් පවතින ප්‍රදේශයන්හි මෙම බෝගය වගා කළ හැකිය. නමුත් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වන්නේ යම් ප්‍රදේශයකට ලැබෙන සම්පුර්ණ වර්ෂාපතන ප්‍රමාණය නොව එහි ව්‍යාප්තියයි. අඹ ගසක හොඳින් මල් හට ගැනීම සඳහා මාස 3 - 4 පමණ වියළි කාලයක් තිබීම වැදගත්ය. එසේම මල් හටගන්නා අවස්ථාවේදි වර්ෂාව ලැබීම නිසා පරාගණය දුර්වල වී හට ගන්නා ගෙඩි සංඛාව අඩු විය හැකිය. පස විවිධ පාංශු තත්ත්ව යටතේ අඹ වගා කළ හැකිය. එසේ වුවද මීටර් 2 පමණ ගැඹුරු හොඳින් ජලය බැස යන සැහැල්ලු පසක් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී. එච්. අගය 5.5 -7.5 වේ. තද මැටි සහිත පසක හෝ නිතර ජලය රඳා පවත්නා ස්ථානයන්හි සාර්ථකව අඹ වගා කළ නොහැකිය. ක්ෂේත්‍රය සැකසීම ගෙවතු වගාවක් ලෙස මෙන්ම විශාල පරිමාණයේ වාණිජ වගාවක් ලෙස ද අඹ වගා කරනු ලැබේ. විශාල පරිමානයේ වගාවක් ආරම්භ කිරීමට පෙර භූමිය ශුද්ධ කර ගැඹුරට සීසා කැට පොඩිකරන්න. ඒ සමගම සුදුසු පස් සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න.
පරතරය
වගා කිරීමට බලාපොරොත්තු වන අඹ ප්‍රභේදයට ගැලපෙන පරතරයකින් වලවල් සලකුණු කර ගන්න. සැහැල්ලු පසක් නම් වලක ප්‍රමාණය සෙ. මී. 60 x 60 x 60 පමණ වීම ප්‍රමාණවත්ය. ගල් බොරළු ආදිය බහුල හෝ මැටි ස්වභාවය අධික පසක නම් හෝ සෙ. මී. 90 x 90 x 90 ප්‍රමාණයේ වලවල් සකසා ගන්න. පැල සිටුවීමට සති 2 පමණ පෙර, දිරාපත් වු කාබනික පොහොර සමග මතුපිට පස් හොඳින් කළවම් කර වල පුරවන්න. වල පිරවිය යුත්තේ පොළොව මට්ටමේ සිට තරමක් ඉහළින් පස් මුදුන් වී පවතින ආකාරයටය. රෝපණ ද්‍රව්‍ය සිටුවීම සඳහා නිර්දේශ කරනු ලබන්නේ බද්ධ කරන ලද අඹ පැලය. මෙමගින්, ප්‍රභේදයේ ගුණාංග පවත්වාගෙන යාමටද, ඉක්මනින් අස්වනු ලබා ගැනීමටද, වගාවේ නඩත්තු කටයුතු පහසුවෙන් ඉටුකිරීමටද ඉඩ සැලසේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සහතික කරන ලද බද්ධ පැල සිටුවීම වඩා විශ්වාසදායකය. පැලය අයත් ප්‍රභේදයේ නම සහ අංකයක් සඳහන් ලේබලයක් සහිතව එවැනි පැල අලෙවි කරනු ලැබේ. බීජ පැල සිටුවීම සඳහා යොදා ගත් විට, ඵල දැරීමට දිගු කාලයක් ගතවේ. එසේම යම් ප්‍රභේදයක් සතු හිතකර ගුණාංග පවත්වා ගැනීමද අපහසුය. බද්ධ පැල සකසා ගැනීම ග්‍රාහක පැල අඹ පැල බද්ධ කිරීම සඳහා පළමුව ග්‍රාහක පැල නිපදවා ගත යුතුය. මේ සඳහා කොහු අඹ, වල් අඹ, වලු අඹ හෝ ගිරා අඹ වැනි වර්ගයකට අයත් හොඳින් ඉදී ඇති ගෙඩි වලින් අඹ ඇට ලබා ගැනීම වඩා සුදුසුය. පළමුව අඹ ඇටවල පිට පොත්ත ඉවත් කරන්න. මේ සඳහා ඇටයේ පහටිය ප්‍රදේශයෙන් පොත්ත කපා දෙපසට ඇදීමෙන් ඇතුලත ඇති මදය කොටසට හානියක් නොවනසේ ලබාගත හැකිය. අඹ ඇටයේ පහටිය ප්‍රදේශයෙන් කැපීම නිසා එහි විරුද්ධ කෙළවරෙහි ඇති අඹ බීජයේ කලලයට හානියක් සිදු නොවේ. පිට පොත්ත ඉවත්කර ලබාගත් අඹ බීජ සමග අඹ ඇට ගුල්ලාද සිටිය හැකිය. එවිට බීජ තවාන් කළ පසු සම්පුර්ණයෙන් විනාශවීයාමට ඉඩ තිබේ. එනිසා බීජ සිටුවීමට පෙර ඩයිමීතොඒට් වැනි කෘමිනාශක ද්‍රාවණයක විනාඩි කිහිපයක් අඹ ඇට ගිල්වා තබා සිටුවන්න. කැප්ටාන් වැනි දිලීර නාශකයක්ද මෙම අවස්ථාවේදී භාවිතා කිරීම මගින් තවානේ ඇතිවිය හැකි දිලීර රෝග වලින් අඹ ඇට ආරක්ෂා වේ. කෘමි නාශකයක හා දිලීර නාශකයක ගිල්වාගත් අඹ ඇට වැලි තවානක සිටුවා පැල වීමට ඉඩ සලස්වන්න. වැලි තවාන සඳහා සෙ.මී. 15-20 පමණ ඝනකම් වැලි තට්ටුවක් භාවිතා කරන්න. වැලි තවාන සකසා ගත යුත්තේ තරමක් සෙවන සහිත ස්ථානයකය. නමුත් අඹ හෝ අලිගැටපේර ගසක් යට වැලි තවාන නොදමන්න. එවිට මෙම ගස්වලට වැළඳිය හැකි සමහර දිලීර රෝග වලින් තවාන් පැල ආරක්ෂා කරගත හැකිය. වැලි තවානෙහි අඹ බීජ සිටුවිය යුත්තේ එකිනෙකට සෙ.මී. 15 - 20 පරතරයක් සහිත පේලි වලය. බීජවල වක් වී ඇති පැත්ත පහළට සිටින සේ බීජ තැම්පත් කරන්න. පේලිය තුල යාබද අඹ ඇට දෙකක් අතර සෙ. මී. 2- 3 පමණ පරතරයක් තිබීම ප්‍රමාණවත්ය. බීජ සිටුවීමෙන් පසුව හැම විටම වැලි තවානෙහි තෙතමනය පවත්වාගන්න. සිටුවා දින 10 -14 දී බීජ පැලවේ. බීජ පැලවී සති 3 පමණ ගතවු පසුව පැල ගලවා පොලිතින් බඳුන්වල හෝ සකසාගත් වෙනත් තවානක හෝ සිටුවිය හැකිය. බීජ පැල කර ගැනීම සඳහා වැලි වෙනුවට කොහුබත් මාධ්‍යයක් භාවිතා කරන්නේ නම් එහි නිවැරදි මටිටමට තෙතමනය පවත්වා ගන්න. තෙතමනය වැඩි වුවහොත් දිලීර රෝග නිසා ලපටි පැල විනාශවීමට ඉඩ තිබේ. වැලි තවානෙහි ඇති දැඩි කරගත් කුඩා අඹ පැල ඉන්පසුව එකවරම බඳුන් මිශ්‍රණයක් පුරවා ගත් පොලිතීන් මළු වල සිටුවිය හැකිය. නැතහොත් සකස් කරගත් ද්විතියික තවානක සිටුවිය හැකිය. බඳුන්වල සිටුවීම මේ සඳහා ගේජ් 200 පොලිතින් භාවිතා කර සෙ.මී. 20 (අඟල් 8) විෂ්කම්භය සහිත සෙ.මී. 30 (අඩි 1) උසැති බඳුන් සකසා ගන්න. බඳුන් පිරවිම සඳහා මතුපිට පස්, දිරාපත්වු ගොම හෝ කොල පොහොර සහ වැලි සම ප්‍රමාණ වලින් එකිනෙක සමග මිශ්‍රකර මාධ්‍යය සකසා ගන්න. ඉහත මිශ්‍රණයේ කොටස් හතරකට කොහුබත් එක් කොටසක් බැගින්ද කළවම් කර ගැනීම මගින් බඳුන් මිශ්‍රණයේ තෙතමනය රඳා පවත්වා ගැනීමේ හැකියාව දියුණු කරගත හැකිය. මෙම බඳුන් මිශ්‍රණයෙන් පොලිතීන් බඳුන් පුරවා ගන්න. නමුත් බඳුනේ ඉහළ කෙළවර සිට සෙ.මී. 2 -3 පමණ පහළින් සිටින සේ පමණක් බඳුන් මිශ්‍රණයේ පුරවන්න. එවිට පැල සිටුවීමෙන් පසු බඳුනට දමන ජලය අපතේ යාම වලකී. ද්විතියික තවානක සිටුවීම වැලි තවානේ ගලවා ගන්නා පැල එකවරම බඳුන්වල සිටුවීම නොකරන්නේ නම් ද්විතියික තවානක සිටුවිය යුතුය. මේ සඳහා මතුපිට පස් සහ දිරාපත්වු ගොම පොහොර මිශ්‍රකරගත් මාධ්‍යයකින් පොළව මට්ටමේ සිට සෙ.මී. 20 පමණ උසැති පාත්ති සකසා ගන්න. මෙවැනි පාත්ති දෙකක් අතර හොඳින් ජලය බැසයාමට සැලැස්විම සඳහා පියවර ගන්න. වැලි තවානෙන් ගලවාගන්නා පැල මෙසේ සකස් කරගත් ද්විතියික තවානෙහි දෙපේලි ක්‍රමයට පේලි 4ක සිටුවන්න. දෙපෙලි දෙක අතර පරතරය සෙ.මී. 45ක් විය යුතුය. දේපේලිය තුළ පැල සිටුවිය යුත්තේ සෙ.මී. 30ක පරතරයකින් ත්‍රිකෝණාකාර ක්‍රමයටය. ද්විතියික තවානෙහි හෝ පොලිතින් බඳුන්වල සිටුවාගත් පැල මාස 7-8 ගතවු පසුව එනම් ඇගිල්ලක් පමණ කඳ විශාල වු පසුව බද්ධ කිරීම සඳහා සුදුසු තත්ත්වයට පත් වේ. අනුජ තෝරා ගැනීම උසස් ලක්ෂණ සහිත මව් ගස්වලින් පමණක් අනුජ ලබාගන්න. ප්‍රභේදයට ආවේණික ලක්ෂණ සහිත, වසරක් පාසා ඒකාකාර අන්දමට ඵල ගන්නා ගස් මේ සඳහා තෝරා ගන්න. අඹ ගසේ ගෙඩි හටගන්නා අතුවලින් පමණක් අනුජ ලබාගත යුතුය. දිය රිකිලි මේ සඳහා යොදා ගැනීම සුදුසු නොවේ. බද්ධ කිරීම සඳහා යොදාගනු ලබන්නේ අත්තේ අග්‍රස්ත අංකුරයට පහතින් ඇති අංකුරයක් සහිත පොතු කැබැල්ලකි. එසේ නැතහොත් අග්‍රස්ථ අංකුරයද සමග වු කුඩා අතු කැබැල්ලකි. බද්ධ ක්‍රම අඹ බද්ධ කිරිම සඳහා පැලැස්තර (පැච්) බද්ධය සහ රිකිලි බද්ධය යොදා ගනු ලැබේ. තෙත් කලාපය සඳහා පැච් බද්ධයද වියළි කලාපය සඳහා රිකිලි බද්ධය ද වඩා සුදුසුය. රිකිලි බද්ධ සඳහා අංකුරය අවට ප්‍රදේශයේ මේරූ පත්‍ර සහිත රිකිලි සුදුසුය. බද්ධ කිරීමට පෙර මෙම රිකිලි ඒ සඳහා සකස් කර ගත යුතුය. මෙහිදී කරනු ලබන්නේ බද්ධ කිරීමට සතියකට පමණ පෙර රිකිල්ලේ සියළුම පත්‍ර කපා ඉවත් කිරීමයි. මෙලෙස සකසා ගත් රිකිල්ල අග්‍රස්ථ අංකුරයද සමග සෙ.මී. 10 -15 පමණ දිග කැබැල්ලක් වන ලෙස කපා ගන්න. එහි පහළ කෙලවර කුඤ්ඤයක් ආකාරයට සකසා ගන්න. ග්‍රාහක පැලයේ කොල තට්ටුවට ඉහළින් අනුජයේ ප්‍රමාණයට සමාන වැඩීමක් ඇති ස්ථානයකින් කඳ කපා දමන්න. ඉන්පසු මෙම ස්ථානයෙහි කඳ ප්‍රවේශමෙන් පලන්න. සකස් කරගත් අනුජයේ උල් හැඩැති පහල කොටස ග්‍රාහක කදෙහි පැල්ම තුලට ඇතුල් කර එම ස්ථානය පොලිතින් පටිවලින් හොඳින් තදවනසේ වෙලන්න. බද්ධ කර ඇති ග්‍රාහකය වියළී යාම වලක්වා ගැනීම සඳහා එය පොලිතින් උරයකින් ආවරණය කරන්න. නැතහොත් ප්‍රොපගේටරයක තැන්පත් කරන්න. මෙවැනි පියවර ගැනීම නිසා රිකිලි බද්ධයේ සාර්ථකත්වය වැඩි කර ගත හැකිය. අංකුර බද්ධය සඳහාද අංකුරයක් සහිත පොතු කැබැල්ලක්, තෝරාගත් මව් ගසක ඵල හටගන්නා අත්තකින් ගලවා ගන්න. ග්‍රාහකයේ පොළව මට්ටමේ සිට සෙ.මී. 20 -25 පමණ ඉහළින් කදෙහි සුදුසු ස්ථානයකින් පොතු කැබැල්ලක් ගලවා ඉවත් කරන්න. ගලවා ගත් අංකුරය සහිත පොතු කැබැල්ල, කදෙහි පොතු කැබැල්ල ගලවාගත් ස්ථානය තුලට ඇතුල් කර පොලිතීන් පටිවලින් තදින් වෙලන්න. බද්ධය සාර්ථක කර ගැනීම සඳහා ග්‍රාහකයේ කැපුමට බොහොදුරට සමාන හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුතුව අනුජයේ අංකුර සහිත පොතු කැබැල්ලක් ලබාගත යුතුය. ප්‍රාථමික තවානෙන් ලබා ගන්නා පැල එකවර බඳුන්කර පසුව බද්ධ කිරීම මගින් මාස 7- 8 දී සිටු වීම සඳහා සුදුසු බද්ධ පැල නිපදවා ගත හැකිය. නමුත් වැලි තවානේ පැල නැවත පාත්තියක් සකසා එහි සිටුවා බද්ධ පැල නිපදවා ක්ෂේත්‍රයේ සිටුවීමට සිදුසු තත්ත්වයකට පත් කර ගැනීම සඳහා මාස 16 පමණ කලක් ගත වේ. ඒ නිසා එවැනි පැල සඳහා නිෂ්පාදන වියදම ද වැඩි වේ. බද්ධ පැල සකසා ගැනීම
අඹ වගාවේ රෝග
තවානේ රෝග
ඇන්ත්‍රැක්ස්නෝස් රෝගය
කොලොටොට්‍රිකම් ග්ලොයෙස්පොරියෝඩ්ස් දිලීරය නිසා ඇති වන රෝගයකි. ශ්‍රී ලංකාවේ අඹ වගා කරනු ලබන සියලුම ප්‍රදේශ වල මෙම රෝගය දක්නට ලැබේ. එය පත්‍ර මල් පොකුරු සහ සියලුම වර්ධන අවස්ථාවල පැවතිය හැකි අතර ගෙඩි වලටද වැලදිය හැක.
රෝග ලක්ෂණ පත්‍ර වල කුඩා තද දුඹුරු හෝ කළු ලප ඇති වේ. මෙම ලප විශාල වී එකිනෙක සමඟ සම්බන්ධ වීම නිසා අක්‍රමවත් හැඩයෙන් යුතු කළු දුඹුරු පැහැති රෝග ලප ඇති වේ. අලුතින් හටගන්නා පත්‍ර රෝගයට පහසුවෙන් ගොඳුරු වේ. මල් වලට වැලදුන විට මල් කළු පැහැගැන්වී වියළී යයි. මල් පොකුරක ඇති සියළුම මල් මේ නිසා විනාශ විය හැක. වර්ෂා කාලයේදී මේ බීජාණු සේදී ගෙඩි මතද සොදා පැමිණ ගෙඩි වලද රෝග ලප ඇති වේ. අවු ගෙඩි වල අක්‍රීය ස්වභාවයෙන් ජීවත් වන මෙම දිලීරය ගෙඩි ක්‍රමයෙන් ඉදීමේදී වර්ධනය වීමට පටන් ගනී. උග්‍ර අවස්ථාවේදී මාංසලයටද විහිදී යයි. පාලනය
අඹ ඉහටිය කුණුවීම මල් හා වැඩෙන ගෙඩි වෙත දිලීර බීජාණු ව්‍යාප්ත වීම නිසා අස්වැන්න නෙලීමට පෙර මෙම රෝග කාරක ගෙඩි මත අක්‍රීයව ජීවත් වීමට පුළුවන. රෝග ලක්ෂණ පැහැදිලිව දකගත හැක්කේ ගෙඩිය ඉදීමට පටන් ගන්නා විටදීය. ගෙඩියේ නටුව ආසන්න ප්‍රදේශයේ දුඹුරු පැහැති රෝගී පැල්ලම් හටගෙන ඒවා ගෙඩියේ පහල කොටසට ව්‍යාප්ත වේ. මේ නිසා මතුපිට පොත්ත මෙන්ම ඇතුලත මදයද කුණු වී යයි. රෝගී අඹ වලින් දුර්ගන්දයක්ද වහනය වේ. පාලනය
පත්‍ර පුල්ලි දිලීර රෝගය
බැක්ටීරියා නිසා ඇතිවන පත්‍ර පුල්ලි රෝගය
ඇල්ගී හේතුවෙන් ඇතිවන පත්‍ර පුල්ලි රෝග
පාලනය
ස්කැබ් රෝගය
රෝග ලක්ෂණ
අඹ වගාවේ පළිබෝධ පාලනය පළතුරු මැස්සා ප්‍රධාන පළිබෝධක හානිය මෙය වේ. හානිය අවම කර නොගතහොත් එය කෙලින්ම අස්වැන්නට බලපායි. හඳුනාගැනීම මේරූ අඹ ගෙඩිවල පලතුරු මැස්සන් බිත්තර දැමීමට සිඳුරු කිරීම නිසා එම ස්ථාන වලින් කිරි වෑස්සීම දක්නට ඇත. එම ගෙඩි ඉදුණු විට ඉහද පණුවන් දැකිය හැක. මේ හානිය නිසා ගෙඩි කුණුවී යාමටද පටන් ගනී. හානිය පවතින විට අඹ ගස් අවට සැරිසරන දීප්තිමත් කහ පැහැති ඉරි සහිත රතු දුඹුරු පැහැති මැස්සන් දැකිය හැක. පාලනය
අඹ කීඩෑවා දළු මල් නොමැති කාලයට කද පහල කොටස්වල සහ හිරුඑළිය නොවැටෙන පත්‍රවල සමූහ වශයෙන් සිටින සුහුඹුලන් සුලු බාධා කිරීමකදී පවා ක්ෂණිකව ඉගිල යාමේදී පත්‍රවල වැදීම නිසා ඇති වන ශබ්දය මොවුන් සිටින බවට හොඳ සාක්ෂියකි. වියළි කාලයක් සමඟ ඇතිවන දළු සහ මල් කිනිති වලට සංක්‍රමණය වන සුහුඹුලන් ඒවායේ බිත්තර තැම්පත් කරයි. පිටවන ශිෂුවන් සහ සුහුඹුලන් දළු සහ මල් කිනිති වලින් අධික ලෙස යුෂ උරාබීම නිසා ඒවායේ දුඹුරු පැහැති කුඩා තිත් ඇතිවී පසුව දුඹුරු පැහැ ගැන්වී වියලී යයි. මෙවැනි දළු මල් පහසුවෙන් ඇන්ත්‍රැක්ස්නොස් වැනි ආසාදනයන්ට ලක්විය හැක. මේ නිසා වියළි කලාපයයේ ඇතිවන මල් පිලිස්සී යාම සිදුවිය හැක. මොවුන් අපද්‍රව්‍ය ලෙස පිටකරන සීනි ද්‍රවණය පහලින් ඇති පත්‍ර මත පතිතවී තිබෙනු දැකිය හැකි අතර පසුව ඒවා මත කළු පැහැති පුස් වර්ගයක් වර්ධනය වීම නිසා ශාකයේ ආහාර නිෂ්පාදන හැකියාව අඩුවිය හැක. පාලනය
අඹ ඇට ගුල්ලා
අඹ ඇට ගුල්ලා අඹ ගෙඩිවලට හානි කරන ප්‍රධාන පලිබෝධකයකි. හානිය සිදුවන්නේ බිත්තරයෙන් පිටවන කීටයන් ගෙඩියේ මාංශල කොටස සිදුරුකර ඇටය තුලට ගොස් කළලය විනාශ කිරීම නිසාය. එම නිසා එම ඇටවලින් පැල ලබාගත නොහැක. කුඩා කාලයේදී බිත්තර දැමීම සිදුකලහොත් ගෙඩි අකාලයේ හැලීයා හැක.
පාලනය
කොළ කපන ගුල්ලා
ලපටි පත්‍රයේ අපර කොටසේ මධ්‍ය නාරටිය ආසන්නයේ බිත්තර දමන ගැහැණු සතා පත්‍රය නටුවේ සිට සෙන්ටි මීටර් 4-5 පමණ දුරින් හරස් අතට කපා දමයි. විශේෂයෙන් තෙත් කලාපයේ අඹ පැල වලට මොවුන්ගේ හානිය තදින් බලපායි. නොමේරූ පත්‍ර විනාශ වීම නිසා ශාකයේ ආහාර නිෂ්පාදනය අඩුවී වර්ධනය බාලවේ. පාලනය
අඹ කද විදින කුරුමිණියන් දිග ස්පර්ෂක සහිත දුඹුරු සහ කහ රතු තිත් සහිත මෙම කුරුමිණියා සෙන්ටි මීටර් 4 - 5 පමණ දිගය. අඹ පත්‍ර, දළු ආදිය රාත්‍රී කාලයට ආහාරයට ගනී. නමුත් ප්‍රධාන හානිය සිදුවන්නේ කීටයා කදෙහි විශාල සිදුරු ඇතිකොට එහි පෝෂණය වීම නිසා ගස ඉහල ප්‍රදේශය ක්‍රමයෙන් මැරී යාම නිසාය. හානිකල ගස් මුල ප්‍රදේශයේ ලී කුඩු වැටී තිබෙනු දැකිය හැකි අතර සුහුඹුල් සතුන් පිටව ගිය විශාල සිදුරුද දැකිය හැක. පලනය
පිටි මකුණා
ගැහැණු සුහුඹුලන් පැතලි කවාකාර හැඩයක් ගන්නා අතර ශරීරය පිටි වැනි දුව්‍යකින් වැසී ඇත. ශිශුවන් හා සුහුඹුලන් යුෂ උරාබීම නිසා මල් හා ගෙඩි හැලීයාම සිදු වේ. ගහනය වැඩි අවස්ථාවක පිටකරන සීනි ද්‍රවනයන් පත්‍රමත පතිත වී කළු පැහැති දිලීර වැඩීම සිදුවී ආහාර නිෂ්පාදනය අඩු වේ. රතු කුහුඹුවන් හා ඇබලයන් මඟින් ව්‍යාප්ත වෙයි. පාලනය
පැල මැක්කා මේ කෘමීන් නිසා දළුවලට හානි සිදුවිය හැකිය. විශේෂයෙන් දළු වර්ධනය වීමේදී යටි පැත්තේ කළු පැහැති තිත් ලෙස මොවුන්ගේ හානිය දැකිය හැක. මේ නිසා දළු හා නොමේරූ පත්‍ර විශාල ලෙස හැකිලී යයි. පාලනය
වේයන් වියළි කාලවලදී වේයන්ට අඹ ගස දුර්වල කොට මරා දැමීමට පුළුවන. මුල් හා කදට හානිකරයි. මර්ධනය
මයිටාවන් මොවුන් නිසා අග්‍රස්ථ අංකුර වර්ධන නැතිව කොළ හැලී අංකුර වියලී යාම සහ ගෙඩි දුඹුරු පාටවී ඉතිරිලා යාම සිදු වේ. හානිකල ගෙඩිවල වර්ධනය අඩුවන අතර අලවියට නුසුදුසුය. කොරපොතු කෘමීන් යුෂ උරාබීම සහ විෂ සහිත යුෂ පිටකිරීම නිසා අග්‍රස්ථ අංකුර පත්‍ර ආදියට හානි සිදු වේ. පත්‍රවල යටි පැත්තේ සහ උඩු පැත්තේ ගෙඩිවලට ද ඇලි සිටිනු දැකිය හැක. විශාල වශයෙන් හානි සිදුකළහොත් පත්‍ර හැලීයන අතර වර්ධනය බාලවී ක්‍රමයෙන් ශාකය දුර්වල වීම සිදු වේ. විශාල ලෙස සීනි ද්‍රවනයක් පිටකරන නිසා ඒවා පහල පත්‍රමත තැම්පත්වී ඒවා මත කළු පුස් වර්ධනය වී ආහාර නිෂ්පාදනය අඩුවේ. පාලනය
අඹ අස්වනු නෙලීම සහ පශ්චාත් අස්වනු පාලනය
අප රටෙහි අඹ ප්‍රභේද රාශියක් ඇති අතර ඒවායේ හැඩය පොත්තේ වර්ණය, රසය හා සුවඳ ප්‍රභේදයට ආවේණිකය. නමුත් විවිධ හේතුන් නිසා හොඳ තත්ත්වයේ අඹ වෙළඳපොලෙන් ලබාගැනීම අසීරුවී ඇත. මෙයට හේතුව නියම මේරීමේ අවස්ථාවට එළබීමට පෙර අස්වනු නෙලීම සිදුකිරීමයි. තවද පශ්චාත් අස්වනු ලෙඩ රෝගවලට (ඇන්ත්‍රැක්නොස් සහ නටුඅග කුණුවීමේ රෝගයට) අධික ලෙස පාත්‍රව තිබිම නිසාද ඉදුණු අඹ විශාල ලෙස අපතේයෑම, ගුණාත්මය අඩුවීම සිදු වේ. මීට අමතරව නියම ආකාරයට අස්වනු නෙලීම හා ප්‍රවාහනය නොකරන බැවින්ද අස්වනු හානිය සිදුවේ. නියම ආකාරයට අස්වනු නෙලීම සිදුනොකල විට කැඩූ ගෙඩි වල නටුවෙන් වෑස්සෙන කිරි පොත්ත මත තැවරීම නිසා ඉදීමේදී බහුලව කුණුවීමට භාජනය විය හැක. මේනිසා අස්වනු නෙලීමෙන් පසු ඇසිරීම, ප්‍රවාහණය සහ ඉදවා ගන්නා ක්‍රමයද හොඳ ප්‍රමිතියේ අඹ ලබාගැනීම සඳහා වැදගත්ය. අස්වනු නෙලන අවධිය නෙලා ගැනීම සඳහා සුදුසු මේරීමේ අවස්ථාව තෝරාගත යුතුය. විලාඩ් වර්ගයේ අඹවල ඇතිවන රතු පැහැයට හුරු රෝසපාටින් මේරීමේ අවස්ථාව තීරණය කළ හැක. අනිකුත් වර්ගවල මේරීමේ අවස්ථාව තීරණය කිරීමට පහත කරුණු වැදගත්ය.
අස්වනු නෙලීම
අඹ කිරිවලින් ඇතිවන හානි අවම කරගැනීමට කිරි අඩුවෙන් වෑස්සෙන කාලය වන පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුල අස්වැන්න නෙලීම කලයුතුය. වැසි සහිත දිනවල අස්වනු නෙලීම එතරම් සුදුසු නැත. අස්වනු නෙලීමට මල්ලක් සවි කරන ලද කෙක්කක් භාවිතා කළ යුතුය. තවද නෙලනලද ගෙඩි වල නටුවෙන් ස්වභාවිකව වෙන්වන තැනින් කඩා නටුව පහලට සිටින සේ හරවා තැබීමෙන් කිරිවලින් වන හානිය අඩුකරගත හැක. තේරීම හා වර්ග කිරීම කෘමි හා යාන්ත්‍රික හානි නිසා කැලැල් ඇති දුර්වර්ණවූ අසාමාන්‍ය හැඩයෙන් යුත් ප්‍රමාණයට වඩා කුඩා ගෙඩි තෝරා ඉවත් කල යුතුය. එකම ප්‍රභේදයේ වුවද විවිධ ප්‍රමාණයේ ගෙඩි හටගන්නා බැවින් කුඩා මධ්‍යම හා විශාල ලෙස ශ්‍රේණිගත කොට වෙලදපොල සඳහා ඉදිරිපත් කිරීමෙන් ඉහල මිලක් ලබාගත හැකි අතර ප්‍රවාහණයේදී ඇතිවන හානිද අවමකර ගත හැකිය. ඇසිරීම හා ප්‍රවාහනය
ලෑලි වලින් හෝ ප්ලාස්ටික් වලින් තනන ලද එකමත එක පැටවිය හැකි පෙට්ටි ඇසුරුම් වශයෙන් භාවිතා කිරීම සුදුසුය. පෙට්ටියේ පතුලට හා පැති වලට අතුරුණුවන් දමා ගෙඩි වලට හොඳ වාතාශ්‍රයක් ලැබෙන පරිදි ඇසිරීම කළ යුතුය. උණුවතුර ප්‍රතිකාරය බහුලව වැලදෙන ඇන්ත්‍රැක්ස්නොස් නටුව අඟ කුණුවීමේ රෝගය වැලැක්වීම සඳහා අඹ කැඩූ විගසම විනාඩි 03-05 ක් 50 oC ක් උෂ්ණත්වයක් ඇති ජලයේ ගිල්වා තබා පවනේ වේලා ගැනීමෙන් ඉහත රෝග තත්ත්වයෙන් බොහෝ දුරට අඩුකර ගත හැක. අඹ ඉදවීම එත්රල් යොදා අඹ ඉදවීම පලතුරු ස්වභාවිකවම නිපදවන එතිලින් නම් වායුව නිසා ඒවායේ ඉදීම උත්තේජනය වේ. මේ සිද්ධාන්තයට අනුව අපට බාහිරට එතිලින් වායුව සැපයීය හැකි නම් පලතුරු ඉක්මනින් ඉදවා ගැනීමට හැකිවේ. එතිලින් වායුව අප රටෙහි නිෂ්පාදනය නොකරන නිසාත් ආනයන කිරීමේදී අධික මිලක් ගෙවීමට සිදුවන නිසාත් පලතුරු ඉදවීමට එතිලින් වායුව භාවිතා කිරීමේ හැකියාව ඉතා සීමිතය. නමුත් පහසුවෙන් එතිලින් නිපදවා ගැනීමට හැකි ඉතා ලාභදායි ක්‍රමයක් ලෙස එත්රල් නැමති රසායනික ද්‍රව්‍ය එතිලින් වායුව පහසුවෙන් නිපදවීම සඳහා භාවිතා කල හැකිය. මෙය ක්‍රම 2 කි. පළමු ක්‍රමය
ඉදවීමට අවශ්‍ය පලතුරු කුටිය තුල අසුරන්න. මේ කුටීරයේ අවකාශයෙන් 1/5 ඉඩ ප්‍රමාණයක් හිස්ව තබා පලතුරු ඇසිරීම කල යුතුය. භාවිතා කරන කුටීරයේ පරිමාව ගනනය කරන්න. කුටීරයේ සෑම ඝන මීටර් එකකටම සාදාගත් ඒත්රල් ද්‍රවනයෙන් මිලි ලීටර් 110-150 ක් බැඟින් භාවිතා කල යුතුවේ. ඒත්රල් ද්‍රවණය ප්ලාස්ටික් හෝ මැටි බඳුනක දමා එය එම පලතුරු ඇසුරූ කුටීරයේ කෙලවරක තබන්න. ඒත්රල් ද්‍රවනයෙන් එතිලින් නිපදවීම ඇරඹීම සඳහා හුණු ද්‍රවනය ඊට එකතු කරන්න. අවශ්‍ය හුණු ද්‍රවන ප්‍රමාණය ගනනය කරන්නනේ කුටීරයේ ඝන මීටර් 01කට හුණු ද්‍රවනය මිලිලීටර් 185 බැඟිනි. හුණු ද්‍රවණය දැමූ විගසම මූඩිය හෝ දොර වැසීම කල යුතුය. පැය 24 ක කාලයකට පසු බඳුන් හෝ කුටීරය විවෘත කර පලතුරු ඉදීමට වාත්‍රශ්‍රය ලැබීමට සලස්වන්න. ඉදීම සිදුකරන සෑම වාරයක් පාසාම අලුතින් එත්රල් යෙදීම අවශ්‍ය නොවේ. පිලියල කරගත් එත්රල් දුඹුරු පැහැති බෝතලයකට දමා මාස කීපයක් වුවත් ගබඩා කර තිබිය හැකිය. දෙවන ක්‍රමය එත්රල් මිලි ලීටර් 01 ජලය ලීටරයක දියකර ගන්න. මේ ද්‍රවනය සෙන්ට්‍රිගේට් අංශක 50 දක්වා රත්කර ගන්න. මේ උෂ්ණත්වයට රත්වූ පසු අත දැමිය හැකි අතර, වැඩි වේලාවක් තබාගත නොහැක. අලුතින් කැඩූ අඹ දැල් මල්ලක බහා අඹ ගිල්වෙන පරිදි අඹ භාජනය පතුලේ නොගෑවෙන පරිදි අල්ලා සිටිය යුතුය. මේ ආකාරයට විනාඩි 04 ක් ගිල්වා තබා ඉවතට ගෙන අඹ වල වතුර වියළුනු පසු පැය 24 ක් කාලයක් වසා තබන්න. තව දින තුනකින් අඹ පැහැපත් ලෙස ඉදී පාරිභෝජනයට සුදුසු තත්ත්වයට පත්වේ. තුන්වන ක්‍රමය ඒත්රල් මිලි ලීටර් 01 ජලය ලීටරයක දියකර ගන්න. පැසුණු අඹ තනි තට්ටුවකට අසුරා ඒ මත මෙම ද්‍රවණය ගෙඩි යාන්තමින් තෙත් වනසේ ඉසින්න. එයට මතින් දෙවෙනි සහ තෙවෙනි තට්ටුවද තබා පෙර පරිදීම ඒත්රල් ද්‍රාවණය ඉසින්න. මෙම බඳුන පැය 24 ක කාලයක් පත්තරවලින් වසා තබන්න. තව දින දෙකකින් ඉදීම සිදුවේ. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.