| විකිගොවියා වෙබ් අඩවියට තවත් අන්තර්ජාතික සම්මානයක් |
|
|
|
|
කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය මගින් සංවර්ධනය කර පවත්වාගෙන යනු ලබන විකිගොවියා වෙබ් අඩවියට (www.goviya.lk) මෙවර World Summit Award 2011 (තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍රියාකාරකම් සදහා අන්තර්ජාතික සමුළුව විසින් පිරිනැමෙන සම්මාන-2011) සම්මානයක් හිමිකරගැනීමට සමත්ව සිටී.
කෘෂිකර්ම සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් ගොඩ නැගෙන පරිදි නිර්මාණය කර ඇති විකිගොවියා වෙබ් අඩවිය ඉලෙක්ට්‍රොනික (e) අධ්‍යයන සහ අධ්‍යාපන කාණ්ඩය යටතේ මෙම ජයග්‍රහණය ලබාගැනීමට සමත්ව තිබේ.
වැඩි විස්තර - http://www.wsis-award.org/winner/wikigoviya-77420110609 |
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.