www.agridept.gov.lk

YOU ARE HERE: Home
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතන සමඟ එක්ව තෝරාගත් දිස්ත්‍රික් කිහිපයක් තුල කඩිනම් ඒකාබද්ධ වගා එළවළු වගා කිරීමේ වැඩ සටහනක් කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2011 ජනවාරි 29 වන දින මාතලේ දී ආරම්භ විය.

මෙම වැඩසටහන එළවළු වගාව පිළිබඳ ඉහළ විභවයක් පවතින මහනුවර මාතලේ සහ නුවරඑළය යන දිස්ත්‍රික්ක වලින් ආරම්භ කිරීමට දැන‍ට තීරණය කර ඇත. ඒ අනුව දැනට නිත්‍ය වශයෙන් එළවළු වගා කරන ගොවීන්ට අමතරව සුළු පරිමාණ ගොවීන්ගේ නිෂ්පාදනය ඉහළ නැංවීම තුලින් ජාතික එළවළු නිෂ්පාදනය වැඩි කිරීම ප්‍රධන අරමුණු වේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජංගම රථ මඟින් ජනතාව දැනුවත් කිරීම, සහන මිළට බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයිමට කටයුතු යොදා ඇති අතර ඒ සමඟම ලක් පොහොර සමාගම විසින් පොහොර පැකට් විකිණීමට කටයුතු යොදා ඇත. මීට අමතරව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය ක්‍රියාත්මක බව ප්‍රදේශයන්හි එළවළු නිෂ්පාදන වැඩි කිරීමට බීජ හා රෝපණ ද්‍රව්‍ය සහන මිළට ලබාදීමේ වැඩ සටහනක්ද එම ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.
 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 740363

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.