| දැයට කිරුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන භූමිය ජනාධිපතිතුමන් අතින් විවෘත විය |
6 වන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේදී 2012 පෙබරවාරි 04 වන දින සවස 6.00ට ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතින් විවෘත විය. අක්කර අටක් පමණ වන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන භූමියද ජනාධිපතිතුමන් අතින් විවෘත කිරිමද සිදුවිය.
ඉතාමත් අලංකාර ලෙස නිර්මණය කොට ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන භූමීය මෙවර උද්‍යාන ස්වරුපයෙන් ඉදිරිපත් කිරීම විශේෂිතය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලූම ආයතයන්ගෙන් ගොවි ජනතාවට ලැබෙන්නා වූ සේවාව පිළිබද දැක බලාගැනීමට අශ්චර්යේ පුනරාගමනය දැයට කිරුළ 2012 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන භූමීයට පිවිසෙන්න.
|
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.