www.agridept.gov.lk

YOU ARE HERE: Home ASDA ​සම්මන්ත්‍රනය
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ASDA_Singhala

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මන්ත්‍රණය (ASDA) යනු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සොයාගැනීම් වාර්ෂිකව ප්‍රසිද්ධ කරමින් ඒ පිළිබඳ සාකච්ඡාවට හා සංවාදයට ලක්කරන ඉතා වැදගත් අවස්ථාවකි. මෙහිදී විවිධ විෂයයන් ඔස්සේ එනම් පර්යේෂණ, ව්‍යාප්ති හා පුහුණු, බීජ හා රෝපණ ද්‍රව්‍ය, බීජ සහතික කිරීම, පැලෑටි සංරක්ෂණ හා නිරෝධායනය යටතේ විවිධ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරනු ලැබේ.

මෙම සම්මන්ත්‍රණය ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ හා පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී එකවර පවත්වන තාක්ෂණික සැසි දෙකකින් යුක්ත වන අතර එක් සැසියක් තුල පර්යේෂණ පත්‍රිකා 4-5 පමණ ඉදිරිපත් කරනු ලැබේ. එක් පත්‍රිකාවක් සඳහා විනාඩි 20 පමණ කාලයක් වෙන් කෙරේ. සියළු පර්යේෂණ පත්‍රිකා ඇතුලත් ප්‍රකාශනයක්ද එළිදැක්වේ. මෙම  සම්මන්ත්‍රණය තුලදී ඉදිරිපත්වූ සියළු පර්යේෂණ පත්‍රිකා සඳහා මුදල් ත්‍යාග මෙන්ම වසරේ හොඳම විද්‍යාඥයා, වසරේ නැගීඑන  විද්‍යාඥයා  වසරේ කෘෂි සංවර්ධනය උදෙසා කළ විශේෂ කාර්යභාරයන් වෙනුවෙන් තවත් තිදෙනෙකුටද මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැමේ.

සම්මන්ත්‍රණයේ මූලික අරමුණු,
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තාක්ෂණ සොයාගැනීම් සඳහා සංවාද මංඩපයක් ඇති කිරීම හා වෙනත් ආයතන වල කෘෂි විද්‍යාඥයන් සමඟ දැනුම හා අත්දැකීම් හුවමාරුවට ඉඩ සැලසීම
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව සොයාගැනීම් හා පර්යේෂණ කාර්යයන් සඳහා ප්‍රසිද්ධිය ලබාදෙමින් අදාල ආයතන හා ජනතාව දැනුවත් කිරීම
ASDA 2010 | 2009 | 2008 | 2007 | 2006 | 2005 | 2004 | 2003 | 2002 | 2001 | 2000

 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 740342

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.