|
කෘෂි තාක්ෂණ උද්‍යාන
කෘෂි තාක්ෂණ උද්‍යාන පිහිටුවීම කෘෂිකර්ම ව්‍යාප්ති, අධ්‍යාපන හා කෘෂි සංචාරක ව්‍යාපාර උන්නතිය උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගනුලැබූ වැදගත්ම පියවරකි. පළමු කෘෂි තාක්ෂණ උද්‍යානය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් මෙන්ම මහවැලි ගඟ අසබඩ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පිහිටුවනු ලැබූ අතර දෙවන කෘෂි තාක්ෂණ උද්‍යානය හම්බන්තොට බටඅත රජයේ ගොවිපලට යාබදව ස්ථාපිත කරනු ලැබීය.
තාක්ෂණ උද්‍යාන එක් දින සංචාරයක් සඳහා ඉතා ප්‍රයෝජනවත් වන අතරම විශේෂයෙන්ම ගොවීන්, පාසල් සිසුන් ඇතුළු මහජනතාව සඳහා දැනුම හා කෘෂි තොරතුරු පහසුවෙන්ම ලබාගත හැක. මෙහිදී රජයේ හා පෞද්ගලික අංශ මඟින් ඉතා මෑතදී නිර්දේශ කළ බෝග ප්‍රභේදද, දේශීය වර්ගද, නිර්දේශිත බෝග තාක්ෂණයන්ද ප්‍රදර්ශනය කරන අතර සම්පූර්ණ උද්‍යානයේම ඉතා ප්‍රියමනාප ලෙස ආහාර බෝග මඟින් අලංකරණය කර තිබේ. මෙම උද්‍යානය තුල සාම්ප්‍රදායික කාෂිකර්මය මෙන්ම නවීන උසස් තාක්ෂණ කෘෂිකර්මයද ඉදිරිපත් කෙරේ.
|